5 දෙනෙකුට පමණ සෑහේ.
අවශ්‍ය ද්‍රව්‍ය :
හාල් ග්‍රෑම් 300 ක්
කහ තේ හැඳි 1ක්
මාගරින් හෝ තෙල් මේස හැඳි 3ක්
කරපිංචා කිනිත්තක්
කරදමුංගු කරල් 3 ක්, කරාබුනැටි ඇට 3 ක් පොට්ටනියක බැද
කුරුඳු පොතු කැබැල්ලක්
බැදගත් මිදි ග්‍රෑම් 20 ක්
බැදගත් කජු ග්‍රෑම් 50 ක්
අල කපා බැදගත් ග්‍රෑම් 10 ක්
ළූණු ග්‍රෑම් 30 ක්
ලුණු රස පදමට
පිළියෙළ කර ගන්නා ආකාරය :
1. හාල් ගරා සෝදා පසෙකින් තබාගන්න.
2. ලුණු, කුරුඳු පොතු, රම්පේ, කරපිංචා තෙලෙන් බැදගන්න.
3. හාල් බඳුනට බැඳගත් පොට්ටනිය දමා, කිරි සහ වතුර සමඟ තම්බාගන්න.
4. පසුව බැදගත් ළූණු, කුරුඳු පොතු, රම්පේ, මිදි, කජු, අල, කරපිංචා බත උඩින් දමා සරසාගන්න.