4 දෙනෙකුට පමණ සෑහේ
අවශ්‍ය ද්‍රව්‍ය :
ඉදුණු ඇඹුල් කෙසෙල් ගෙඩි 8 ක්
ගෙඩි 2ක දෙහි යුෂ
සීනි මේස හැඳි 4 ක්
උතුරුවා නිවාගත් වතුර අඬු කෝප්ප 4ක්
ලුණු ස්වල්පයක්
සාදන ක්‍රමය :
1. භාජනයක් ගෙන වතුර සහ දෙහි ටික දමාගන්න.
2. දැන් පොත්ත ඉවත් කරගත් කෙසෙල් ගෙඩි කපා වතුරට දමා සෝදාගන්න.
3. ඒ වතුර ඉවත් කරන්න.
4. දැන් වතුර කෝප්ප 4, සීනි සහ ලුණු සියල්ල එකට බ්ලෙන්ඩර් කර පෙරාගන්න.