රෝස් රෝල් සමග කුකුල් මස් පිරවුම - Recipe

June 7, 2018
540
Rose Roll with Chicken Filling Recipe
 
රෝස් රෝල්ස් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය :

පාන් පිටි ග්‍රෑම් 250
යීස්ට් තේ හැඳි 3/4
සීනි තේ හැඳි 1
ලුණු තේ හැඳි 1
මාගරින් මේස හැඳි 1
මද රස්නය වතුර අවශ්‍ය පමණට
බිත්තර 1

සාදන ක්‍රමය :

වතුර හැර අනෙකුත් සියළුම ද්‍රව්‍ය එකට මිශ්‍රකර වතුර ටික ටික දමා මෘදු මෝලියක් සාදාගන්න. කුඩා බෝල වලට කඩානෙ සෙන්ටිමීටර් 3 පමණ පළලට තුනීකර කැපුම් 4ක් දමාගන්න (කුරුසයක ආකාරයට). සාදාගත් පිරවුම මැදට තබා කොන් 4 සමාන්තරව නවා ගන්න. (දෙවන කොටස නමාගත් පසු අවසානයේ ටූත් පික් එක තබාගන්න). අවසානයේ බිත්තර සාරු තවරා පෙර රත්කරගත් උඳුනක දමා සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයේ විනාඩි 20ක් බේක් කරගන්න.

කුකුල් මස් පිරවුමට අවශ්‍ය ද්‍රව්‍ය :

කුකුල් මස් (තම්බා කුඩාවට කපාගත්) ග්‍රෑම් 100
තෙල් මේස හැඳි 2
අර්තාපල් (තම්බාගත්) ගෙඩි 1
ලුණු තේ හැඳි 1
කහ කුඩු ස්වල්පයක්
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
සෝයා සෝස් තේ හැඳි 1
ලොකු ලූනු (කුඩාවට කපාගත්) ගෙඩි 1

සියළුම ද්‍රව්‍ය මිශ්‍රකර තෙල් තවරාගත් තැටියක දමා මධ්‍යම උෂ්ණත්වයේ විනාඩි 3-4ක් මද රස්නයෙන් බේක් කරගන්න.
Recipe by

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Think about this if you love your children
   852
   231

දරුවන්ට මේ කරදර වෙනවා නම් ඔයා දරුවන් වෙනුවෙන් මොන දේ කළත් වැඩක් නෑ

දෙමාපියන්ට දරුවන් මගහැරීමෙන් ඇති විය හැකි අහිතකර තත්ත්වයන් ගැන අද Hadakari ඔයා එක්ක කතා කරන්න තීරණය කළා. ඔයා ලිපිය කියවලාම බලන්නකෝ හැඩකාරී අපි ඔයාට දරුවන් තනි කරන්න එපා කියලා කියන්නේ ඇයිද කියලා

Why your feet swell after a walk or sitting too long
   2,244
   121

වැඩිපුර ඇවිද්දම, වාඩිවෙලා හිටියම කකුල් ඉදිමෙනවාද?

”ඇවිද්ද පය දහස් වටී” කියලා කිව්වට අද නම් ගොඩක් දෙනෙක්ට පයින් ඇවිදගෙන ටික දුරක්වත් යන්න බැරි තරම්. ගොඩක් දෙනෙක්ට අද තියෙන ගැටලුවක් තමයි ටිකක් දුර පයින් ඇවිදගෙන ගියාම කකුල් ඉදිමෙන එක
Lovers sleeping positions
   3,106
   57

විවාහක යුවලක් නිදාගන්න ඉරියව්වෙන් ගොඩක් දේවල් කියන්න පුළුවන්

අපි ඔයාට කියන්න යන්නේ ඔයා නිදා ගන්න භාවිත කරන විවිධ ඉරියව්වලින් කියැවෙන අර්ථයන් මොනවද කියලා. විශේෂයෙන්ම විවාහක යුවලක් නිදා ගැනීමේදි භාවිත කරන ඉරියව් වලින් අර්ථ ගැන්වෙන්නේ මොනවද කියලා දැනගමු
Waw Maalu Curry Recipe
   1,401
   52

කිරට පිසූ වැව් මාළු - Recipe

ගමේ තාලෙට වැව් මාළු කරියක්

Latest Articles

Most Viwed