පොප්කෝන් චිකන් අපි කවුරුත් කන්න කැමතියි. ඒත් මේක හදන එක හරිම අමාරුයි කියලා තමයි අපි හිතෙන්නෙ. හබැයි ඇත්තටම පොප්කෝන් චිකන් හදන එක හරිම ලේසියි. ඕන වෙන්නෙත් කුස්සියේ තියෙන කොමන් කලමනා ටිකක් විතරයි. මෙන්න මෙහෙමයි පොප්කෝන් චිකන් හදන්නේ...
අවශ්‍ය ද්‍රව්‍ය :
කුඩාවට කපාගත් චිකන් ග්‍රෑම් 500
සිහින්ව තලාගත් සුදු ලූණු තේ හැඳි 1
ලුණු තේ හැඳි 1/2 (රස අනුව අඩු වැඩි කර ගන්න පුලුවන් )
කෝන් පිටි කෝප්ප 1/2
ගැඹුරු තෙලේ බැදීමට තෙල්
සෝස් එකට :
තක්කාලි සෝස් කෝප්ප 1/4
සෝයා සෝස් මේස හැඳි 2
සිහින්ව තලාගත් ඉඟුරු තේ හැඳි 1/2
විනාකිරි තේ හැඳි 1
චිලී සෝස් මේස හැඳි 2
උඩින් ඉසීමට තල ඇට / සිහින්ව කපාගත් ලූණු කොල
සාදන ක්‍රමය :
01. චිකන් කැබලි ටික ටිෂූ එකකින් හෝ කිචන් ටවල් එකකින් තෙතමාත්තු කර එයට ලුණු, සුදු ලූණු කලවම් කර විනාඩි 10ක් පසෙකින් තබන්න.
02. දැන් එයට කෝන් පිටි ටික දමා හොඳින් චිකන් වල තවරා ගන්න.
03. තෙල් ටික රත් වෙන්න තබන්න. තෙල් ටික හොඳින් රත් වුනාම චිකන් කැබලි ටික රන්වන් පැහැ වන තෙක් බැදගන්න.
04. චිකන් ටික බදින අතර තුර සෝස් එක හදමු. පෑන් එකක් ලිපේ තියලා එයට තක්කාලි සෝස්, සෝයා සෝස්, ඉඟුරු, විනාකිරි සහ චිලී සෝස් එකතු කරලා හොඳින් හැඳි ගන්න. විනාඩි 3-4ක් පිස ගන්න. එයට බැදගත් චිකන් ටික එකතු කර සෝස් එක හොඳින් දැවටෙන් ලෙස කලවම් කරන්න. සෝස් එක ඝණ බව වැඩියි කියලා හිතෙනව නම් වතුර චුට්ටක් එකතු කරන්න.
05. ලිප නිවා තල ඇට සහ ලූණු කොල උඩින් ඉස උණුවෙන්ම පිළිගන්වන්න.