බොම්බෙ ජෙලෙබි - Recipe

June 11, 2018
3,742
Bombay Jalebi Recipe
ජෙලෙබි හැදීමට අවශ්‍ය දේ :

පාන් පිටි අඬු කෝප්ප 1
බේකින් පවුඩර් තේ හැඳි 1/2
හාල් පිටි තේ හැඳි 1 1/2
මුදවපු කිරි අඬු කෝප්ප 1/2
වතුර අඬු කෝප්ප 1/2
කහ වර්ණකාරක අවශ්‍ය පමණට
තෙල් බැද ගැනීමට අවශ්‍ය පමණට

සීනි පැණි සඳහා අවශ්‍ය දේ :

සීනි අඬු කෝප්ප 1 1/2
වතුර අඬු කෝප්ප 3/4
කහ වර්ණකාරක ස්වල්පයක්
රෝස රසකාරක ස්වල්පයක්

ජෙලෙබි හදමු :

1. පාන් පිටි, බේකින් පවුඩර් සහ හාල් පිටි එකට එක්කර දෙතුන් වරක් හලාගන්න.

2. එයට මුදවපු කිරි සහ වතුර එකතුකර ඝන බැටරයක් සාදාගන්න.

3. ඉන්පසු එයට කහ වර්ණකාරකය එක්කර හොඳින් මිශ්‍රකර විනාඩි 10ක් පසෙකින් තබන්න.

4. දැන් ගැඹුරු තෙල් භාජනයක් හොඳින් රත්කරගන්න.

5. ඉන්පසු සාදාගත් බැටරය පුනීලයකට පුරවා රත් වූ තෙලට රවුම් ආකාරයට දමා ජෙලෙබි බැදගෙන තෙල් බේරාගන්න.

සීනි පැණි හදමු :

1. සීනි සහ වතුර නූල් ඇදෙන පදමට උණු කරගන්න.

2. කහ වර්ණකාරක සහ රෝස රසකාරකයන් මිශ්‍රණයට එක්කර කලවම් කරන්න.

3. බැදගත් ජෙලෙබි සීනි පැණි ද්‍රාවණයේ ගිල්වා පැණියෙන් ඉවත්කර වේලෙන්නට තබන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to reduce under arm sweating
   6,333
   31

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Milk Toffee Recipe
   132,874
   23

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
10 symptoms shows you are pregnant
   45,167
   22

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
How to get vitamin E for healthy skin and hair
   31,608
   21

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
Fair skin with coffee
   20,580
   20

කෝපි කුඩු සමඟ සම පැහැපත් කර ගැනීමට ක්‍රම 3 ක්

කෝපි සමේ තිබෙන අහිතකර දේවල් පිට කිරීමේ ඉඳන් සම පැහැපත් කිරීම දක්වා වන සෑම දෙයක්ම ඔබට ඉටු කරලා දෙනවා. නිරෝගී දීප්තිමත් සමක් ලබා ගැනීම සඳහා ඔබට කෝපි කුඩු භාවිතා කරන්න පුළුවන් ක්‍රම තුනක් මෙන්න...

Latest Articles

Most Viwed