බූන්දි - Recipe

June 13, 2018
6,863
Boondi Recipe
බූන්දි හැදීමට අවශ්‍ය දේ :

කඩල පිටි (හොඳින් පුරවාගත්) අඩු කෝප්ප 1
තිරිඟු පිටි තේ හැඳි 1
කේසරි කුඩු ස්වල්පයක්
බේකින් සෝඩා ස්වල්පයක්
පොල් තෙල් බැදගැනීමට
වතුර අවශ්‍ය පමණට

සීනි පැණි සඳහා අවශ්‍ය දේ

සීනි අඬු කෝප්ප 1 1/2
වතුර අඬු කෝප්ප 1/2
එනසාල් අඬු කෝප්ප 1/2
එළ`ගිතෙල් මේස හැඳි 1
කුඩාවට කපාගත් කජු මේස හැඳි 1
වියළි මිදි මේස හැඳි 1
කහ ස්වල්පයක්
කේසරි කුඩු ස්වල්පයක්

බූන්දි හදමු :

1. මුලින්ම බඳුනකට කඩල පිටි, තිරිඟු පිටි, කේසරි කුඩු සහ බේකින් සෝඩා එක්කර හොඳින් කලවම් කරන්න.

2. දැන් එයට වතුර එක්කරමින් බැටරයක් සාදාගන්න.

3. පෑන් එකක තෙල් රත්කරගෙන බූන්දි හැන්ද තෙල්වලට මදක් උඩින් තබන්න.

4. හැන්ද පිරෙන සේ බැටරය දමන්න.

5. ඉන්පසු බැටරයෙන් බිංදු බිංදු තෙලට වැටෙන්නට හැන්දට සෙමින් තට්ටු කරන්න.

6. තෙලට වැටෙන බැටර බිංදු බැදෙන්නට හරින්න.

7. බැදුණු පසු කොළයකට දමා හොඳින් තෙල් බේරාගන්න.

සීනි පැණි මිශ්‍රණය හදමු :

1. බඳුනකට සීනි සහ වතුර එක්කර කලවම් කර ලිප මත තබා සීනි දියවනතුරු හැඳිගාන්න.

2. මිශ්‍රණය බාගෙට නූල් ඇදෙන තරමට උතුරුවාගෙන ගින්දරෙන් ඉවත් කරන්න.

3. එයට කේසරි කුඩු, කහ, එනසාල් කුඩු, එළඟිතෙල්, වියළි මිදි එක්කර කලවම් කර කජු සහ සාදාගත් බූන්දි එකතුකර හොඳින් කලවම් කර මිශ්‍රණය නිවෙන්නට තබන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 879 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:32:22 PM
Script:/article/879/boondi-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:32:22 PM
Script:/article/879/boondi-recipe.html