අතේ ඇති ගානට හිතේ ඇති විදිහට fashion කරන්න කැමතිද?

July 31, 2018
14,563
How to do fashion with the money in your hand
ලස්සනට ඉන්න කොයි කවුරුත් කැමතියි. ඒකට ගැහැණු පිරිමි කියලා භේදයක් නෑ. නමුත් පිරිමි පාර්ශ්වයට වඩා කාන්තාවන් විවිධ වර්ගයේ ඇඳුම් පැළඳුම් ආයිත්තම්වලින් වර්ණවත් වෙන්න කාන්තාවන් දක්වන්නේ පුදුම රුචිකත්වයක්. කාන්තාවක් හැම මොහොතකම ලස්සනට ඉන්න උත්සාහ කරනවා. ඒ විතරක් නෙමෙයි හැම අවස්ථාවකම උත්සාහ කරන්නේ අලූතෙන් මොනවමහරි දෙයක් මිලදී අරගෙන ලස්සනට ඉන්න. ඔයාට ලස්සනට, පිරිසිදුව තවත් කෙනෙක්ගේ නෙත් සිත් ඇද බැඳ ගන්න විදිහට ඉන්න ඕන වුණාට අතේ තියෙන හැම සතේම විලාසිතා වෙනුවෙන් වැය කරන එක නම් එතරම් හොඳ දෙයක් නෙමෙයි. මොකද කාන්තාවක් අරපරිස්සම ගැන හිතන අතරේ ලස්සනට ඉන්න එක තමයි ඉතා වැදගත්. විලාසිතා කරන්නත් අද තියෙන්නේ ඇත්තටම තරඟයක්. විශේෂයෙන්ම ඔෆිස්වල. ඔයාගේ ඔෆිස් එකේ කවුරුහරි ගැහැණු ළමයෙක් අලූත් ඇඳුමක් ඇඳගෙන ආවොතින් ඔයාටත් ඒ වගේ ලස්සන ඇඳුමක් අඳින්න හිතෙනවා. සමහර විට ඒ වගෙම එකක් හෝ ඊට වඩා තව ලස්සන එහෙමත් නැත්තම් මිල අධික එකක් තමයි ඔයා ගන්න හිතන්නේ. ඒක ඔයාගේ ජීවන රටාවට හොඳ දෙයක් නෙමෙයි. මොකද කාන්තාවකට අරපරිස්සම ඉතාමත් වැදගත්. ඉතිං කාටවත් දෙවැනි වෙන්නේ නැතුව අතේ ඇති ගානට හිතේ ඇති විදිහට fashion කරන්නේ කොහොමද කියලා ඔයාට කියලා දෙන්න Hadakari.com අපි තීරණය කළා. ඔයා මේ ලිපිය කියවලම බලන්නකෝ.

දකින දකින හැමදේම නෙවෙයි හොඳ දේවල් කීපයක් මිලදී ගන්න



සාප්පුවකට ගියාම ඔයාට ගන්න ඕන මොනවද ඕන නැත්තේ මොනවද කියලා හිතා ගන්න බැරුව ඇති සමහර විට. ඒ වගේම තමයි කොඩක් අය ගණන් අඩුවට, ලාබෙට තියෙන දේවල් මිලදී ගන්න කැමතියි. ඔයා කතාවටත් අහලා ඇතිනේ ලාභ බඩුවේ හිලක් කියලා. අන්න ඒ වගේ තමයි ඔයා ලාභ බඩු කොච්චර ගත්තත් වැඩක් නෑ ඔයාගේ අවශ්‍යතාවන් එමගින් සපුරා ගන්න බැරි නම්. ඉතිං හොඳම දේ තමයි ලාභ බඩුවක් මිලදී ගන්නවට වඩා කාලයක් භාවිත කරන්න පුළුවන් දෙයක් මිලදී ගන්න එක. බාල දේවල් කොච්චර තිබුණත් වැඩක් නෑ ඒවායේ කිසිම වැදගත් පෙනුමක් නැත්තම්. හොඳ වෙළෙඳ සන්නාමයක් යටතේ පවතින අත් බැගයක්, ඔරලෝසුවක්, සෙරෙප්පු දෙකක්, ඛෙල්ට් එකක් මිලදී ගන්න. මේ වෙනුවෙන් ඔයාට යම් මුදලක් වැය කරන්න සිදු වුණත් ඔයාට කාලයක් ඒක පාවිච්චි කරන්න පුළුවන් වගේම වැදගත් පෙනුමක්ද මේ තුළින් පේන්න පටන් ගන්නවා. වැදගත්ම දේ තමයි ඔයාට ඕන පාටක ඇඳුමකට අඳින්න පුළුවන් විදිහට දුඹුරු, කළු වැනි පාටවලින් තෝරා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.

ඇඳුමක් මිලදී ගන්න කලින් සිරුරේ හැඩය ගැන හිතන්න





ඔයා කොච්චර සල්ලි වියදම් කරලා ඇඳුමක් ගත්තත් වැඩක් නෑ ඒ අඳුමෙන් ඔයාට ලස්සනක් එකතු වෙන්නේ නැතිනම්. ඔයා ඔයාට ආවේණික වු ක්‍රමයකට ඇඳුම් අඳිනවා විය හැකියි. ඒ විතරක් නෙමෙයි ඔනෑම ඇඳුමක් ඔයා තෝරා ගන්න ඕනි ඔයාගේ සිරුර ගැන අවධානය යොමු කරමින්. ඔයාගේ ඇඟේ හැඩයට ගැළපෙනම ඇඳුම තෝරා ගැනීම තමයි වැදගත්ම. ඔයාගේ උස මහත හා ශරීර වර්ණය ගැන හිතලා ඇඳුමක් තෝරා ගන්න කටයුතු කිරීම ඉතාමත් වැදගත්. ඔයා මිටි, මහත ගැහැණු ළමයෙක් නම් රේන්ද සහිත ඇඳුම් ඔයාට ගැළපෙන්නේ නෑ. ඉනෙන් පහළට වැටෙන කුර්තා වගේ ඇඳුම්වලින් ඔයාව තවත් මහත් කරලා පෙන්නනවා. ඔයාට වඩාත් ගැළපෙන්නේ කෙටි හැට්ට කබා වැනි ඇඳුම්. ගවුම් වුණත් ඔයාට ගැළපෙන්නේ ඉන උඩින් තිබෙන ඇඳුම්. කලිසම් අඳිනවා නම් කුකුල්වල ගානට අඳින්න. එමගින් ශරීරයේ හැඩය ඉස්මතු වෙලා පේනවා.

ඔයා කෙට්ටු ගැහැණු ළමයෙක් නම් ඇඟට වඩා විශාල ඇඳුම් අඳින්න එපා. ඇඟේ ගානට ඇඳුම් අඳින්න. අත් නැති ඇඳුම් වෙනුවට අත් දිගට අඳින්න පුළුවන් නම් වඩාත් හොඳයි. විශේෂයෙන්ම දිග අතට ඉරි තියෙන ඇඳුම් අදින්නේ නැතුව හරස් අතට ඉරි තියෙන ඇඳුම් අඳින්න. එවිට ඔයාගේ ශරීරයේ කෙට්ටු බව අඩු කරලා පෙන්වනවා.

සුදු වර්ණය සහිත ඇඳුම් අඳින්න



සුදු වර්ණයට අපූරු හැකියාවක් තියෙනවා ඔයාට වැදගත් පෙනුමක් එකතු කරන්න. ඔයාට පුළුවන් නම් හොඳ කළු කලිසම් දෙකක් මිලදී ගන්න. ඒවා අධික මිල ගණන් වර්ගයේ ඒවා නොවුණට කමක් නෑ. ඔයාට තියෙන්නේ මේ කලිසම්වලට සුදු වර්ණය සහිත ටී ෂර්ට්, ෂර්ට් බ්ලවුස් මාරුවෙන් මාරුවට අඳින්න. එයින් ඔයාට අලංකාර පෙනුමක් වගේම නිතර නිතර ඇඳුම් මිලට ගැනීමේ කරදරයෙනුත් ඔයාට ලේසියෙන් නිදහස් වෙන්න පුළුවන්.

Factory වලින් reject වුණු ඇඳුම් ටිකක් මිලදී ගන්න



ලංකාවේ පිටරටවලට අපනයනය කරන්න මහන නිමි ඇඳුම්වලින් පොඩි පොඩි අඩුපාඩු නිසා ඉවත් කරපු ඇඳුම් විකුණන තැන් ඕනෑ තරම් තියෙනවා. බැලූ බැල්මට මේවායෙහි ඩැමේජ් එක මොකක්ද කියලාවත් හොයා ගන්න බැරි තරම්. මේ වගේ තියෙන්නේ ඉතාම ඉහළ තත්ත්වයේ හොඳ රෙදි පිළි. පොඩි වැරැද්දක් නිසා වෙළෙඳපොළෙන් ඉවත් කරනවා. ඉතිං ඕයාට පුළුවන් මෙවැනි වර්ගයේ ඇඳුම් ටිකක් මිලදී ගන්න. ඔයාට අනිත් අය සමාන්‍යයෙන් අඳින්නේ නැති ලස්සන ඇඳුම් ටිකක් හොයා ගන්න පුළුවන්.

ගැළපෙන විදිහට ආභරණ පළඳින්න





ජුවලරි එහෙමත් නැත්තම් ආභරණ පළඳින්න කාන්නාවන් ටිකක් කම්මැලියි. ගොඩක් දෙනෙක් කැමති රත්‍රං ආභරණවලට. ඔයා රත්‍රං ආභරණ දානවට වඩා ෆැෂන් ජුවලරී ඇඳුමට ගළපලා දැම්මොත් ඔයාට පුදුමාකාර විදිහේ පෙනුමක් ලබා දේවී.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-11 00:00:00' and A.id <> 989 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, October 12, 2025 at 2:41:43 PM
Script:/article/989/how-to-do-fashion-with-the-money-in-your-hand.html
Referer:http://www.hadakari.com/article/989/7-beauty-tips-with-onion.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, October 12, 2025 at 2:41:43 PM
Script:/article/989/how-to-do-fashion-with-the-money-in-your-hand.html
Referer:http://www.hadakari.com/article/989/7-beauty-tips-with-onion.html