ස්ටීම් පරිප්පු කරිය - Recipe

August 24, 2018
4,955
Steamed Dhal Curry Recipe
ස්ටීම් පරිප්පු කරිය හැදීමට අවශ්‍ය දේ :

පරිප්පු ග්‍රෑම් 250
ලුණු රස පදමට
කහ කුඩු තේ හැඳි 1
තෙල් මේස හැඳි 2
අබ තේ හැඳි 1
ලොකු ලූනු ගෙඩි 1
සුදු ලූනු බික් 4-5
අමු මිරිස් කරල් 3-4
රම්පෙ, කරපිංචා අවශ්‍ය පමණට
තුනපහ කුඩු තේ හැඳි 1
මිරිස් කුඩු තේ හැඳි 1
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
ගොරකා කැබලි 2
එනසාල් ඇට 3-4
කුරුඳු කැබැල්ලක්
පොල් කිරි අඬු කෝප්ප 1/2

ස්ටීම් පරිප්පු කරිය හදමු

01. පරිප්පු හොඳින් සෝදාගෙන පොඟවාගන්න.

02. පොඟවා ගත් පරිප්පු හොඳින් අඹරාගෙන එයට ලුණු හා කහ කුඩු ස්වල්පයක් එක්කර හොඳින් අනා රොටියක් ආකාරයට තුනීකර හුමාලයෙන් තම්බා ගන්න.

03. තම්බාගත් පරිප්පු රොටිය අවශ්‍ය ප්‍රමාණයට කුඩා කොටු කපාගන්න.

04. ඉන්පසු වෙනත් භාජනයක් ගෙන ලිප තබා එයට තෙල් එක්කර අබ දමා අනෙක් සියලු ද්‍රව්‍ය එකතු කර (පොල්කිරි හැර) හොඳින් තෙම්පරාදු කරගන්න.

05. පසුව පොල්කිරි එකතුකර ටික වේලාවක් වසා තැම්බෙන්නට හැර හොඳින් පිසීගෙන එනවිට කපාගත් පරිප්පු කැබලි පොල්කිරි මිශ්‍රණයට එක්කර හිඳෙන්නට හැර පිසගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1039 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:28:55 PM
Script:/article/1039/steamed-dhal-curry-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:28:55 PM
Script:/article/1039/steamed-dhal-curry-recipe.html