ස්පයිසි තක්කාලි පිලවු රයිස් - Recipe

January 11, 2019
4,403
Spicy Tomato Pilau Rice Recipe
කටට රසට කලබලයක් කරදරක් නැති බත් එකක් හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය :

බාස්මතී සහල් ග්‍රෑම් 225 (කෝප්ප 1)
බටර් ග්‍රෑම් 40 (මේස හැඳි 2 1/2)
එනසාල් 4
කරාඹු නැටි 4
ගම්මිරිස් ඇට 10
කුරුඳු පොතු අඟල් 2ක කැබැල්ලක්
සිහින්ව කපා ගත් ලොකු ලූණු ගෙඩි 1
කුඩාවට කපාගත් තක්කාලි ග්‍රෑම් 175 (සාමාන්‍ය තරමේ ගෙඩි 3ක්)
ලුණු / ගම්මිරිස්
සැරසීමට කොත්තමල්ලි කොල හෝ ලූණු කොල

සාදන ක්‍රමය :

1. හාල් ටික හොඳින් සෝදා වතුර පෙරා ගන්න. භාජනයකට දමා හාල් ටික වැසෙන ප්‍රමාණයට වතුර එකතු කර විනාඩි 30ක් පෙඟෙන්න හැර පසුව වතුර ටික පෙරා පසෙකින් තබා ගන්න.

2. තාච්චිය හෝ පෑන් එක රත් වෙන්න හැර, එයට බටර් ටික එකතු කර බටර් දිය වෙන විට එයට එනසාල්, කුරුඳු, කරාඹු නැටි සහ ගම්මිරිස් ඇට ටික එකතු කරන්න. සාමාන්‍ය ගින්දරේ තප්පර 30ක් පමණ පිස ගන්න.

3. ගින්දර ටිකක් වැඩි කර කපා ගත් ලූණු ටික එකතු කර එහෙට මෙහෙට පෙරලමින් ලූණු ටික දුඹුරු පැහැ වෙන්න පටන් ගන්නා තෙක් විනාඩි 7-8ක් පිස ගන්න.

4. එයට හාල් ටිකද එකතු කර තව විනාඩි 2-3ක් පිස ගන්න.

5. කුඩාවට කපා ගත් තක්කාලි වලට උණු වතුර කෝප්ප දෙකක් (450ml) එකතු කර එය හාල් ටිකට එකතු කරන්න. ලුණු සහ ගම්මිරිස්ද රස පදමට එකතු කරන්න.

6. බුබුලු දමන විට ගින්දර අඩු කර පියනකින් වසා විනාඩි 10ක් පමණ පිස ගන්න.

7. ලිපෙන් ඉවතට ගෙන විනාඩි 10ක් පියන වසා තබන්න. මතක තබාගන්න, පිසින විටත් ලිපෙන් ඉවතට ගෙන විනාඩි 10 තබන විටත් කිසි විටෙක පියන අරින්න එපා.

8. පිළිගන්වන විට බත ලිප තබා හෝ මයික්‍රෝවේව් එකේ ටිකක් රත් කර, කොත්තමල්ලි කොල වලින් සරසා පිළිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1222 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:14:06 PM
Script:/article/1222/spicy-tomato-pilau-rice-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:14:06 PM
Script:/article/1222/spicy-tomato-pilau-rice-recipe.html