සොසේජ් මෙක්සිකන් රයිස්

June 14, 2019
6,122
Sausage Mexican Rice Recipe
මෙක්සිකන් කෑම කියන්නේ ඉතින් කටට රසට සැරට හදන කෑම වට්ටෝරුනේ. මේ ලේසියෙන් හදාගන්න පුලුවන් බත් එකට අයෙ ඉතින් ව්‍යාංජන හදන්න ඕනේ නෑ. ඔයාට මේ බත් එකට බ්‍රොකලි ටිකක්, කංකුන් කොල ටිකක් වගේ ඔයාගේ කැමැත්ත අනුව ඉක්මනින් ඉදෙන එළවළු එකතු කරගන්න පුලුවන්. හැබැයි එළවළු එකතු කරන්න ඕනේ බෙල් පෙපර් එකතු කරන්න කියලා තියෙන තැනදි.

අවශ්‍ය ද්‍රව්‍ය :

සොසේජ් 5-6
බටර් මේස හැඳි 2
සිහින්ව කපාගත් ලූණු ගෙඩි 1
සිහින්ව තලා ගත් සුදු ලූණු බික් 4
තක්කාලි පේස්ට් මේස හැඳි 3
ඔරිගානෝ තේ හැඳි 1
මිරිස් කුඩු තේ හැඳි1
ගම්මිරිස් කුඩු මේස හැඳි 1
සූදුරු කුඩු තේ හැඳි 1
ලුනු මේස හැඳි 1
බාස්මති හාල් කෝප්ප 1 (සෝදා පෙඟෙන්න තබන්න )
වතුර කෝප්ප 2 1/2
තීරු කපාගත් බෙල් පෙපර් කැමති පාට වලින් කෝප්ප 1

සාදන ක්‍රමය :

01. සොසේජ් ටික අඟල් 1/2 පෙති වලට කපාගන්න.

02. බටර් ටික පෑන් එකක රත් කර එයට සොසේජ් ටික එකතු කර රන්වන් පාටට ක්‍රිස්පි වෙන තෙක් පිස ගන්න.

03. ලූණු සහ සුදු ලූණු ටික එකතු කරන්න. විනාඩි කීපයක් පිස ගන්න.

04. දැන් එයට තක්කලි පේස්ට්, ඔරිගානෝ, මිරිස් කුඩු, ගම්මිරිස්, සහ ලුණු එකතු කර තව විනාඩි දෙකක් පමණ පිස ගන්න.

05. හාල් ටිකේ වතුර ටික පෙරලා සොසේජ් මිශ්‍රණයට එකතු කරන්න. වතුර කෝප්ප 2 1/2 ත් එකතු කරන්න. විනාඩි 15-20ක් පියනකින් වසා පිස ගන්න.

06. 90%ක් විතර බත ඉදෙන කොට බෙල් පෙපර් ටික බත උඩින් අතුරන්න.

07. බත සම්පූර්ණයෙන් ඉදුණු පසු හැඳකින් හොඳින් කලවම් කරලා උණුවෙන්ම පිළිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1352 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:21:40 PM
Script:/article/1352/sausage-mexican-rice-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:21:40 PM
Script:/article/1352/sausage-mexican-rice-recipe.html