අල සමෝසා

April 10, 2020
6,712
Potato Samosa
ඉන්දියානු කෑම අතර ඉතාමත් ජනප්‍රිය කෑමක් තමයි සමෝසා. සමෝසා නොයෙකුත් වර්ගයේ පිරවුම් වලින් සකස් කරන්න පුළුවන්. අල පිරවුම තමයි හදන්න ලේසිම. ඉතින් අල සමෝසා හදලා රස බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය (16ක් සඳහා) :

ඩෝ එකට :-
පිටි (පාන් පිටි හෝ ආටා පිටි) කෝප්ප 1
තෙල් මේස හැඳි 3
ලුණු තේ හැඳි 1/2
යන්තම් රස්නේ වතුර

පිරවුමට :-
තම්බා පොඩි කරගත් ලොකු අර්තාපල් අල 2
සිහින්ව තලාගත් ඉඟුරු තේ හැඳි 1/2
කහ කුඩු තේ හැඳි 1/2
ගරම් මසාලා හෝ තුනපහ තේ හැඳි 1
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 (කැමැත්ත අනුව අඩු වැඩි කරගන්න පුළුවන්)
දෙහි යුෂ තේ හැඳි 1/4
ග්‍රීන් පීස් කෝප්ප 1/2
රස පදමට ලුණු

තෙල්

සාදන ආකාරය :

01. මුලින්ම ඩෝ එක සාදා ගනිමු. ඩෝ එකට අවශ්‍ය කලමනා සියල්ල බෝල් එකකට දාලා ඇඟිලි තුඩු වලින් හොඳින් මිශ්‍ර කරන්න.

02. තෙල් ටික ඔක්කොම පිටි වල මිශ්‍ර වුනාම එයට යන්තම් රස්නේ වතුර පොඩ්ඩ පොඩ්ඩ එකතු කරමින් අතේ නොඇලෙන බෝලයක් සාදා ගන්න. විනාඩි 5ක් විතර අත්ලෙන් අනාගන්න. මෙය තෙත මිරිකාගත් රෙද්දකින් හෝ කිචන් ටවල් එකකින් වසා විනාඩි 15-20 පිපෙන්න තබන්න.

03. දැන් පිරවුම හදමු. පෑන් එකක තෙල් තේ හැඳි 3ක් රත් වෙන්න තියලා එයට ඉඟුරු ටික එකතු කරන්න. සුවඳ එන්න පටන්ගන්නකොට පොඩි කරගත් අල ටික එකතු කරන්න. එයටම ග්‍රීන්පීස් ටිකත් එකතු කරන්න.

04. එයට කහ, ගරම් මාසාලා, ගම්මිරිස් සහ ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කරමින් පිසගන්න.

05. ලිපෙන් ඉවතට ගෙන දෙහි යුෂ එකතු කර කලවම් කරන්න.

06. ඩෝ එකෙන් පොඩි බෝල 8ක් සාදා ගන්න. එය රොටියක් සේ රෝලින් පින් එකකින් තුනී කරගෙන දෙකට කපාගන්න. දැන් ඔබට ලැබෙන අඩ රවුම මැදින් පිරවුම තබා කොන් දෙක එකට ලන් කරන්න. වතුර පොඩ්ඩක් ගාලා කොන් දෙක අලවා ගන්න. රවුම් කොටස ගෑරොප්පුවක් ආධාරයෙන් සීල් කරගන්න.

07. සමෝසා සියල්ල සකසා ගත් පසු ගැඹුරු තෙලේ බැදගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1545 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:07:13 PM
Script:/article/1545/potato-samosa.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:07:13 PM
Script:/article/1545/potato-samosa.html