කිරි අල (තම්බා හොඳින් පොඩිකරගත්) ග්‍රෑම් 300
ලොකු ලූනු (සිහින්ව පෙති කපා ගත්) ග්‍රෑම් 75
අමු මිරිස් (සිහින්ව පෙති කපා ගත්) ග්‍රෑම් 2
සුදු ලූනු (සිහින්ව පෙති කපා ගත්) ග්‍රෑම් 4
ඉඟුරු (සිහින්ව පෙති කපා ගත්) ග්‍රෑම් 75
තක්කාලි ග්‍රෑම් 40
කොත්තමල්ලි කොල ග්‍රෑම් 10
කහ කුඩු මේස හැඳි 1/4
මිරිස් කුඩු මේස හැඳි 1
කඩල පිටි ග්‍රැම් 50
පාන් පිටි ග්‍රැම් 100
උලු හාල් (අවශ්‍ය පමණට )
පොල් තෙල්
රස පදමට ලුණු / කරපින්චා
කිරි අල හොඳින් සුද්ද කර තම්බා ගන්න. භාජනයක් ලිප තබා එය රත් වන විට තෙල් එකතු කර ගන්න. එයට උලු හාල්, ඉඟුරු, සුදු ලූනු, ලූනු, අමු මිරිස් සහ කරපින්චා එක් කර පිස එයට කහ කුඩු, මිරිස් කුඩු, තක්කාලි සහ ලුණු අවශ්‍ය පමණට එකතු කර ගන්න. තම්බා පොඩි කරගත් කිරි අල එයට එකතු කර එයට කොත්තමල්ලි කොල ටිකත් එකතු කරගන්න. තව මිනිත්තු 2ක් ලිප තබා ලිපෙන් ඉවත් කරගන්න. මිශ්‍රණය පසෙකින් තබන්න.
පාන් පිටි, කඩල පිටි සහ ලුණු රස අනුව එක් කර බැටර් එකක් සාදා ගන්න. දැන් කිරි අල මිශ්‍රනය කොටස් වශයෙන් බෝල ලෙස ගෙන බැටර් එකේ ගිල්වා ගැඹුරු තෙලේ මද ගින්නේ බැද ගන්න.
දීසියක අලංකාර ලෙස තබා අමුත්තන්ට පිලිගන්වන්න.