කටු රහිත එලුමස් 500g
මිරිස් කුඩු තේ හැදි 4ක්
තුනපහ කුඩු මේස හැදි 1ක්
කහ කුඩු තේ හැදි 1/2ක්
වතුර කෝප්ප 1/2ක්
තෙල් කෝප්ප 1/4ක්
ගම්මිරිස් කුඩු තේ හැදි 1ක්
ළූණූ ගෙඩි 3ක්
අමු මිරිස් කරල් 4ක්
තලාගත් ඉඟුරු තේ හැදි 2ක්
තලාගත් සුදු ළූණූ බික් 6ක්
අබ ඇට තේ හැදි 1/2ක්
කරපිංචා ඉත්තක්
සේර කෑල්ලක්
ලුණු පදමට
මුලින්ම එලුමස්, මිරිස් කුඩු තේ හැදි 2ක්, කහකුඩු, ලුණු, වතුර මේ සියල්ල එකට මිශ්‍රකර විනාඩි 15ක් pressure cooker එකක තම්බාගන්න. ඒ අතරතුර තෙල් රත්කරගෙන එයට අබ ඇට දමා පුපුරන විට සිහින් පෙති වශයෙන් කපාගත් ළූණූ, අමුමිරිස්, කරපිංචා, සේර දමා හොදින් තෙම්පරාදු කරන්න. ඒ සමග තලාගත් ඉගුරු, සුදු ළූණූ හා ඉතිරි වු මිරිස් කුඩු, තුනපහ එක්කරගෙන හොදින් කවලම් කරගන්න. මද වේලාවකින් ගම්මිරිස් දමා කලින් තම්බාගත් මස් තීරු වශයෙන් කඩා එයට දමා හොදින් කවලම් කරන්න.