සැමන් කට්ලට්

April 29, 2020
6,657
Salman Cutlet
මේ දවස්වල හැම ගෙදරකම වගේ සැමන් ටින් එකක් හොයා ගැනීම එතරම් ගැටලුවක් නොවෙයි. ඒ නිසා විවේක පාඩුවේ සැමන් කට්ලට් ටිකක් හදා ගමුකෝ..

අවශ්‍ය දේ :

ලොකු සැමන් ටින් 1 ක්
අල ග්‍රෑම් 250 ක්
බැද ගැනීමට තෙල්
බිත්තර සාරුවලට අවශ්‍ය තරම් බිත්තර
විස්කෝතු හෝ පාන් කුඩු
දෙහි ගෙඩියක්
රම්පෙ, කරපිංචා
අමුමිරිස් කරල් 10 ක්
රතුළූණු ග්‍රෑම් 100 ක්
සුදුරු සහ කොත්තමල්ලි ස්වල්පයක්
රස අනුව ලුණු
තෙම්පරාදු කර ගැනීමට බටර් හෝ මාගරින් මේස හැන්දක්

සාදන අන්දම :

01. මුලින්ම අල තම්බා පොඩි කරගන්න.

02. සැමන් ටින් එකේ දියරය ඉවත් කර එයත් පොඩි කරන්න.

03. දැන් අල සහ සැමන් එකට මිශ්‍ර කරන්න.

04. මේ මිශ්‍රණයට සිහින්ව ලියා ගත් රතුළූණු, රම්පෙ, කරපිංචා, අමුමිරිස් එක් කරන්න.

05. කොත්තමල්ලි සහ සූදුරු කුඩු කර ගෙන එයට එක් කරන්න.

06. දෙහි ඇඹුල්ද මේ මිශ්‍රණයට එකතු කරන්න. ඔබේ රස අනුව ලුණු ද එකතු කරන්න.

07. ඔබ කැමැති නම් මේ මිශ්‍රණය බටර් හෝ මාගරින් තෙම්පරාදු කර ගන්නත් පුලුවනි. එසේ නොමැති වුනත් ගැටළුවක් නැහැ.

08. දැන් මිශ්‍රණයෙන් කුඩා බෝල සාදා ගන්න.

09. එය බිත්තර සාරුවල, ඉන්පසු පාන් කුඩු වල දවටා පොල්තෙල්වලින් බැදගන්න.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1575 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:57:48 PM
Script:/article/1575/salman-cutlet.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:57:48 PM
Script:/article/1575/salman-cutlet.html