මසාලා රටකජු

May 22, 2020
727
Masala Peanut
රටකජු කන්න කවුරුත් වගේ කැමතියි. නිකන්ම නිකන් රටකජු කනවට වැඩිය පොඩි වෙනසක් කරලා හදන මසාලා රටකජු හදන්නේ මෙහෙමයි...

අවශ්‍ය ද්‍රව්‍ය :

අමු රටකජු කෝප්ප 1
කඩල පිටි කෝප්ප 1/2
හාල් පිටි කෝප්ප 1/4
ලුණු තේ හැඳි 3/4
මිරිස් කුඩු තේ හැඳි 2
කහ කුඩු පොඩ්ඩක් (තේ හැඳි 1/4 ට පොඩ්ඩක් අඩුවෙන්)
ගරම් මසාලා පොඩ්ඩක් (තේ හැඳි 1/4 ට පොඩ්ඩක් අඩුවෙන්)
හොඳින් තලා ගත් සුදු ලූණු බික් 4
දෙහි හෝ ලෙමන් යුෂ තේ හැඳි 1/2
ඇඹුරු තෙලේ බැදීමට තෙල්

සාදන ආකාරය :

01. බෝල් එකක රටකජු වලට දෙහි හෝ ලෙමන් යුෂ හැර අනෙක් සියළුම කලමනා ටික එකතු කරන්න. හොඳින් කලවම් කරන්න

02. දැන් එයට දෙහි හෝ ලෙමන් යුෂ ටික එකතු කරන්න. වතුර චුට්ට චුට්ට දමමින් රටකජු වල පිටි ටික හොඳින් ඝන ලෙස (පිටි තලප ලෙස ) තැවරෙන ලෙස වතුර එකතු කරන්න.

03. දැන් ගැඹුරු තෙලේ බැදගන්න. සතියක් වුනත් හොඳින් කට වැසූ භාජනයක අසුරා රසවිඳින්න පුලුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

8 reasons to make you lazy and tired
   353
   269

ඔබව නිතරම වෙහෙසට සහ කම්මැලි වීමට මේ හේතු 8 බලපානවා

හැම වෙලාවකම නිදිමත, වෙහෙස, හැඟීම් වලින් අඳුරු බවක් දැනීම කියන්නේ නම් ඔබේ ශරීරය ගැන වඩාත් ගැඹුරින් සොයා බලන්න කියලා දෙන ඉඟියක් වෙන්නත් පුලුවන්. ඒ වගේ තත්ත්වයකට හේතු වෙන්න පුලුවන් කාරණා කිහිපයක් ගැන අපි ලැයිස්තුගත කළා
Do not save your marriage if he is like this
   1,982
   225

ඔහු ළඟත් මේ ලක්ෂණ තියෙනවා නම් විවාහය රැකගන්න හදන්න එපා

බොහෝ බිරින්ඳෑවරුන් තමන්ගේ ස්වාමිපුරුෂයාගේ වැරදි හැසිරීම තමන්ගේ පිටම පටවා ගෙන ඔහුව සාධාරණීකරණය කිරීමේ වරද සිදු කරනවා. ඔයාත් එහෙම බිරිඳක් නම් ඔයාගේ විවාහය රැකගන්න ඕනේ කියලා මේ වැරදි නම් ගණන් නොගෙන ඉන්න එපා
How to have a falling hair
   8,870
   180

කඩා හැළෙන හිසකෙස් ලබා ගන්න කැමති ද?

කඩා හැලෙන හිස කෙස් ඔයාගේ මුහුණට විශේෂ පෙනුමක් ලස්සනක් එකතු කරනවා. ඉතින් කාන්තාවක් විදිහට ඔයා ඔයාගේ කෙස් කළඹ ගැන වැඩි සැලකිල්ලක් දැක්වීම නම් අත්‍යවශ්‍යයි. ඔයාගේ කෙස් කළඹ නිරෝගීව සහ කඩා හැලෙන ලෙස පවත්වාගෙන යන්නේ කොහොමද කියලා දැනුවත් කරන්න හැඩකාරී අපි අද තීරණය කළා
5 things to know about Kamala Harris
   180
   140

කමලා හැරිස් ගැන ඔබ දැනගත යුතු කරුණු 5 ක්

සෙනෙට් සභික කමලා හැරිස්ගේ පෞද්ගලික ජීවිතය, දේශපාලන ඉතිහාසය සහ ඇය එරට ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් පෙනී සිටින ස්ථානය ඇතුළු කාන්තාවක් විදිහට ඔබ ඇය ගැන දැනගත යුතු කරුණු පහක් මෙන්න
Bad habits that destroy your look
   2,982
   93

ඔයාගේ පෙනුමට හානි කළ හැකි පුරුදු වලින් මිදෙන්න ඔයාට මේ ලිපිය ප්‍රයෝජනවත් වෙයි

ඔයාගේ පෙනුමට හානි කළ හැකි මේ පුරුදු වලින් මිදී තරුණ පෙනුම සදහටම රැක ගන්න විදිහ ගැනයි මේ ලිපියෙන් කියන්න හිතුවේ

Latest Articles

Most Viwed