ලොකු ළූණු ගෙඩියෙන් නෙළුම් මලක්

April 6, 2018
1,046
Vegetable Carving - Onion Lotus
මහන්සි වෙලා ගොඩාක් රහට හදපු කෑම ටික ලස්සනට අමුත්තන්ට පිළිගැන්නුවොත් ඒකෙ වටිනාකම තවත් වැඩියි නේද? වෙජිටබල් කාවින්ග් කියන්නේ කෑම මේසේ ලස්සන ගැන උනන්දු වෙන කවුරුත් කැමති දෙයක්. ඒත් හුඟක් අය හිතන්නේ එළවළු වලින් සැරසිල්ලක් කරන එක ගොඩාක් අමාරු දෙයක් කියලයි. ඒත් ඒක හිතන තරම් අමාරු දෙයක් නෙවෙයි කියලා අපි ඔබට කියලා දෙනවා. අපි මුලින්ම ලොකු ළූණු ගෙඩියකින් ලස්සන නෙළුම් මලක් හදමු.

1. ඒ සඳහා ඔබට ලොකු ළූණු ගෙඩි කිහිපයක් සහ ටර්න් නයිෆ් වර්ගයේ පිහියක් අවශ්‍ය වනවා.

2. දැන් ලොකු ළූණු ගෙඩියක් ගෙන උඩ සහ යට (මුල් තිබෙන පැත්ත සහ කොල තිබෙන පැත්ත) පෙත්තක් බැගින් කපා ඉවත් කරන්න.



3. ඉන්පසුව ළූණු ගෙඩියේ උඩ පොත්ත ඉවත් කරගන්න.



4. දැන් ළූණු ගෙඩියේ හරි මැදට මදක් ඉහළින් පිහි තුඩ ළූණු ගෙඩියේ මැදට වනතෙක් ඇතුල් කර ‘‘V’’ හැඩයට ඉහළට සහ පහළට එකිනෙකට සම්බන්ධ කර ළූණු ගෙඩිය වටේටම කපාගන්න. පහළ කැපුම යට කෙලවරට මදක් ඉහළින් නතර කරන්න.







5. අවසානයේදී ප්‍රවේශමෙන් කොටස් 2කට වෙන්කර ගන්න.







6. දැන් එයින් එක් කොටසක් ගෙන (පෙති නොකැඩෙන සේ) පොත්ත ගලවා ගෙන කපාගත් මලේ පෙති 2ක් අතර තවත් කපාගත් පෙත්තක් සිටින සේ සකසා ගන්න.
දැන් ඔබට ලස්සන නෙළුම් මලක් ලැබී තිබෙනවා නේද?











Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

If you have these signs, your liver might not be in danger
   249
   66

මේ රෝග ලක්ෂන පහළ වෙනවානම්, ඔබේ අක්මාවත් ලෙඩ දෙන අක්මාවක්

අක්මාව නරකින් කියලා ඔබට දැනගන්න ලැබෙන්නේ මොනවගේ වෙලාවකද?
Symptoms to say you are pregnant
   12,208
   27

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
Must have frocks for woman (Part 01)
   9,028
   20

ගවුම් අඳින්න කැමති යුවතියකට තිබිය යුතුම ගවුම් වර්ග 06 ක් - (01 කොටස)

ඔයත් ගවුම් විලාසිතා වලට අනුව හැඩ වෙන්න කැමති යුවතියක් නම් අද හැඩකාරී ඉදිරිපත් කරන මේ ලිපිය කියවලාම බලන්නකෝ ඔයාව ලස්සනට පේන ගවුම් වර්ග මොනවාද කියලා
Mushroom Soup Recipe
   186
   14

හතු සුප්

පෝෂණ ගුණයන්ගෙන් යුත් සිරුරට ශක්තිය ගෙන දෙන සුප් එකක් තමයි මේ

Latest Articles

Most Viwed