ලොකු දේවල් නැතිව පොඩි වෙනසක් කරලා බත් එකක් රසට හදමු.
අවශ්‍ය ද්‍රව්‍ය :
හාල් කෝප්ප 2 (බාස්මති හෝ කැකුළු සම්බා)
වතුර කෝප්ප 2
සිහින්ව තලා ගත් සුදුලූණු බික් 2
ඔලිව් ඔයිල් මේස හැඳි 1
ලුණු තේ හැඳි 1
සිහින්ව කපාගත් පාස්ලි මේස හැඳි 2
සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළ මේස හැඳි 1
බටර් තේ හැඳි 1
සාදන ආකාරය :
01. හාල් ටික හොඳින් සෝදා රයිස් කුකර් එකට හෝ ඔබ බත් පිසින් භාජනයට හාල් ටික, වතුර, ඔලිව් තෙල්, සුදුලූණු සහ ලුණු එකතු කර පිසගන්න.
02. බත් එක ඉදුනු පසු ගෑරොප්පුවකින් බත් එක කූරු ගා එයට පාස්ලි, කොත්තමලි කොල සහ බටර් එකතු කර ගෑරොප්පුවෙන්ම කලවම් කරන්න.
3. ව්‍යාන්ජන සමග උණුවෙන් රස විඳින්න.