පියයුරේ ගැටිති ඇතිවීමට හේතු මොනවාද?

March 29, 2017
13,491
Nodules Found in the Breasts
කාන්තාවන්ගේ සිත් තුළ බියක් ජනිත කරන තවත් රෝගී තත්වයක් ගැනයි අපි අද කථා කරන්න යන්නෙ. ඔබ අහලා ඇති පියයුරු වල ගැටිති ඇති වීම පිළිබඳව. මෙම ගැටිති විවිධ හේතූන් මත ඇතිවන බව ඔබ දන්නවාද? මේවා කුමන හේතුවක් මත ඇති වුවත් මේ පිළිබඳව පරීක්ෂාකාරී වීම ඉතාමත් වැදගත්බව මුලින්ම කියන්න ඕනෙ. ස්වයං පියයුරු පරීක්ෂා මඟින් ඔබට පියයුරුවල ගැටිති හඳුනාගන්න පුළුවන්. එවැනි ගැටිත්තක් ඇතිබව හදුනාගතහොත් වෛද්‍යය උපදෙස්මත ක්‍රියා කිරීම අවශ්‍යයි. බොහෝමයක් ගැටිති පිළාකාවල ඉඟියක් වෙන්න පුළුවන්. ඒ වගේම සමහර ගැටිති ගැන බයක් වෙන්න ඕනෙ නැහැ. කෙසේවෙතත් වෛද්‍යවරයකු හමු වී උපදෙස් ලබාගැනීම ඉතා වැදගත් වෙනවා.

එක් ගැටිති වර්ගයක් තිබෙනවා එය අතට හසුවන්නෙ එහා මෙහා පනින ආකාරයෙන් . මෙය ෆයි‍බ්‍රෝඇඩිමෝනා ලෙස හඳුන්වනවා. එවැනි ගැටිත්තකට බියවීමට අවශ්‍ය නැහැ. මෙය බහුල තත්වයක්. බොහෝවිට මෙම ගැටිත්ත සැත්කමක් මාර්ගයෙන් ඉවත් කරන්න පුළුවන්. ඇතැම් විට මෙම ගැටිති කිහිප වාරයක් ඇතිවෙන්න පුළුවන්. සමහර කාන්තාවන්ට පමණක් මෙම ගැටිති නැවත නැවත ඇතිවෙන්න පුළුවන්. එක් වාරයක් මෙය හැඳුන පමණින් කියන්න බැහැ නැවත ඇතිවෙයි කියලා.

තවත් ගැටිති වර්ගයක් තියනවා එය ෆයිබ්‍රෝඇඩිනෝසිස් ලෙස හඳුන්වනවා. එහි ලක්ෂණයක් තමයි ඔසප්වීම ලංවන සමයේ දී එම ගැටිති තරමක් විශාල වීම. ඒ වගේම තමයි පියයුරුවල තරමක වේදනාවක් ඇතිවෙන්නත් පුළුවන්. බොහෝමයක් මවුකිරි දෙන මවුවරුන්ට මෙම ගැටිති ඇතිවෙනවා. ඇතැම් කාන්තාවන්ගේ තන පුඩුව දරුවාට කිරි උරා බීමට තරම් ප්‍රමාණවත් නැහැ. එවිට දරුවාට අවශ්‍ය පමණට කිරි පිටතට නොඑන නිසා පියයුරු තුල කිරි ඉතිරි වෙනවා. එම කිරි බැක්ටීරියා ආසාදන වලට ලක්වීමෙන් කුඩා ගෙඩි ඇතිවන්නට පුළුවන්. එවැනි තත්වයකදී අධික වේදනාවක් මවට ඇතිවෙනවා. මෙවැනි අවස්ථාවක පරීක්ෂා කිරීමෙදී දැනගන්න පුළුවන් පියයුරු තුළ කුඩා ගැටිත්තක් තිබෙන බව. එවැනි ගැටිත්තක් ඇතිවිට තාවකාලිකව එම පියයුරෙන් දරුවාට කිරිදීම නවත්තන්න ඕනෙ. එම ගැටිත්ත සඳහා වෛද්‍යවරු විසින් ප්‍රතිජීවක ඖෂධ ලබාදීම සිදු කරනවා. එසේ නැතිනම් කුඩා ශෛල්‍යකර්මයක් මඟින් ඒම ගැටිත්ත ඉවත් කරනවා. කිරි දෙන මවුවරුන්ගේ පියයුරුවල ගැටිති ඇතිවීම වැළැක්වීමට දරුවා කිරි බී අවසන් වූ විට පියයුරුවල කිරි තිබෙනවානම් ඒවා දොවා ඉවත් කල යුතුයි .

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 166 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:16:31 PM
Script:/article/166/nodules-found-in-the-breasts.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:16:32 PM
Script:/article/166/nodules-found-in-the-breasts.html