චොක්ලට් බ්‍රව්නී කූකීස්

July 2, 2020
2,699
Chocolate brownie cookies
චොක්ලට් කුකීස් වලට අපි කවුරුත් කැමතියි. මේ බ්‍රව්නී කුකී එක මැද සොෆ්ට් වටේට ක්‍රිස්පි රසම රස කුකී එකක්. මේ කුකී එක හදලා රස බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය :

ඩාක් චොක්ලට් ග්‍රෑම් 225
බටර් ග්‍රෑම් 65
පාන් පිටි ග්‍රෑම් 100
බේකින් පව්ඩර් තේ හැඳි 1
බිත්තර 2
සුදු සීනි ග්‍රෑම් 80
දුඹුරු සීනි ග්‍රෑම් 80
ලුණු පින්චක්

සාදන ආකාරය :

01. චොක්ලට් සහ බටර් ටික මයික්‍රෝවේව් එකක හෝ ඩබල් බොයිලර් එකක රත් කර චොක්ලට් සහ බටර් ටික හොඳින් කලවම් කර නිවෙන්න පසෙකින් තබන්න.

02. බේකින් ට්‍රේ එකේ පාච්මන්ට් පේපෙර් අතුරා එයත් පසෙකින් තබන්න.

03. පොඩි බෝල් එකක පිටි, බේකින් පව්ඩර් සහ ලුණු මිශ්‍ර කර පසෙකින් තබා ගන්න.

04. ලොකු බෝල් එකක බිත්තර, සුදු සීනි සහ දුඹුරු සීනි හෑන්ඩ් මික්සර් එකකින් විනාඩි 3ක් පමණ බීට් කරගන්න. මෙයට නිවුණු චොක්ලට් සහ බටර් මිශ්‍රණය එකතු කර සියල්ල හොඳින් මිශ්‍ර වන තෙක් විනාඩියක් පමණ බීට් කරගන්න.

04. දැන් පිටි ටික සෙමින් එකතු කරමින් බීට් කරන්න.

05. සියල්ල කලවම් වූ පසු මිශ්‍රණය ප්ලාස්ටික් ව්‍රැප් එකකින් හෝ පියනකින් වසා ශීතකරණයේ අඩුම තරමින් පැය දෙකක් තබන්න.

06. ශීතකරණයෙන් ඉවතර ගෙන පොඩි බෝල සාදා අතුරා ගත් පාච්මන්ට් පේපර් එක මත තබා ඇඟිලි දෙකකින් යන්තමින් තද කරන්න.

07. සෙල්සියස් අංශක 180කට කලින් රත් කරගත් අවන් එකක විනාඩි 8-10ක කාලයක් බේක් කරගන්න. එලියට ගන්නා විට කූකීස් සොෆ්ට් ව තියෙන්න ඕනේ. නිවෙන විට කුකීස් ටික සවි වේ. වයර් රැක් එකක නිවෙන්න හැර රස විඳින්න.

08. මෙය දින 14ක් සුළං නොවදින භාජනයක අසුරා කල් තබා ගන්න පුළුවන්. ඔබට කුකී ඩෝ එක කලින් සාදා තබා ගන්න ඕනේ නම් ඩෝ එක සාදා අධිශීතකරණයේ මාසයක් පමණ වුවත් තබා ගන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1675 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:50:47 PM
Script:/article/1675/chocolate-brownie-cookies.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:50:48 PM
Script:/article/1675/chocolate-brownie-cookies.html