පිසගත් බත් (1kg පමන)
සිහින්ව කපා ගත් ගෝවා කෝප්ප 2ක්
කැරට් ගෙඩි 2ක්
ලීක්ස් කෝප්ප 1/2ක්
රතු බෙල් පෙපෙර් ගෙඩි 1/2ක්
මාලු මිරිස් කරල් 2ක්
ළුණූ ගෙඩි 2ක්
එනසාල් ඇට 3ක්
කරඹු නැටි 2ක්
තෙල් මේස හැදි 2 ක්
බටර් 25g
bayleaf 2ක්
රම්පේ කොල කෑල්ලක්
කරපිංචා ඉත්තක්
ගම්මිරිස් කුඩු තේ හැදි 1ක්
සොයා සෝස් තේ හැදි 2ක්
සුදු ළුණු, ඉගුරු paste තේ හැදි 2ක්
ළුණු කොල අහුරක් පමන
මුලින්ම තෙල් රත්වීමට හැර එයට බටර්, bayleaf, සුදු ළුණු, ඉගුරු paste, කරපිංචා, කපාගත් ළුණූ, එනසාල්, කරාඹු නැටි එකතුකර හොදින් තෙම්පරාදු කරගන්න. රන්වන් පැහැවන විට ළුණු කොල හැර අනෙක් සියලුම එලවළු දමා විනාඩි 2ක් පමන පිස ගන්න. එයට ගම්මිරිස් සහ සෝස් දමන්න. ලුණු දාන විට කල්පනාකාරි වෙන්න මොකද සෝස් වල ලුණු තියෙන නිසා.
ඉන්පසුව බත් එයට දමා හොදින් කවලම් කරන්න. මේ අවස්තාවේ ඔබ කැමතිනම් තල තෙල් මේස හැන්දක් විතර දාන්න. හොදින් කවලම් කරන්න. අවසානයේ ළුණු කොල එකතු කරන්න.
ඔයාලා කැමති නම් එලවළු වැඩියෙන් යොදාගන්න. කැමති එලවළු තව එකතු කරගන්න.
එලවලු සිහින්ව දිගට කපාගන්න. කජු, ග්‍රීන්පීස්, මුද්දරස්පලන් කැමති නම් භාවිතාකරන්න.
බත් එක උයන විට එනසාල්, රම්පේ කොල කෑල්ලක්, සේර කෑල්ලක් දැම්මොත් තවත් රස කරගන්න පුලුවන්. බත් කවලම් කරන වෙලවට ඒවා ඉවත් කර ගන්න.