කෙනෙක් ගැන හිතේ තිබුන විශ්වාසය නැති වුනොත් ආයෙත් ඒ විශ්වාසය ගොඩනගා ගන්නේ මෙහෙමයි

June 13, 2017
12,400
Starting Fresh: Learning How To Trust Again
අපේ ජීවිත වල තව කෙනෙක් වෙනුවෙන් ඉඩ වෙන් වෙන්නේ අපි ඒ කෙනාව විශ්වාස කරන ප්‍රමාණය අනුව. හැබැයි ඉතින් මෙහෙම විශ්වාස කරලා අපි ජීවිතේට ලං කර ගන්න අය අපේ විශ්වාසය නැති කරලා දැම්මොත් ආයෙත් ඒ කෙනා ගැන හිතේ විස්වාසයක් ඇතිකර ගන්න එක නම් එච්චර පහසු දෙයක් නොවෙයි.

කොහොම උනත් විශ්වාසය කියන්නේ හැම කෙනෙක්ගෙම ජිවිතේ තියෙන වටිනාම දෙයක්. මොකද විශ්වාසය කියන්නේ කෙනෙක්ට ලේසියෙන් පහසුවෙන් දිනාගන්න පුළුවන් දෙයක් නොවෙයි. ඒ වගේමයි විශ්වාසයක් බිදිලා ගියොත් නැවත ඒ විශ්වාසය ඇතිකර ගැනීමත් පහසු දෙයක් නොවෙයි. මේ නිසා අද අපි ඔබට කියන්නේ කෙනෙක් ගැන හිතේ තිබුන විශ්වාසය බිදිලා ගියොත් නැවත ඒ විශ්වාසය ගොඩනගා ගන්න පුළුවන් ක්‍රම ටිකක් ගැන.

1. ඇත්තටම මොකද උනේ කියලා හොයලා බලන්න

සමහර වෙලාවට අපි ඉක්මන් වෙලා ගන්න තීරණ නිසා අපිට ගොඩක් වැරදීම් වෙනවා. මේ නිසා ඔබට හිතෙනවා නම් කෙනෙක් ඔබේ විශ්වාසය කඩ කරලා කියලා ටිකක් හොයලා බලන්න. ඇත්තටම එහෙම වෙන්න හේතුව මොකක්ද කියලා. එතකොට ඔබට සමහර විට දැනගන්න ලැබේවි එහෙම වෙන්න සැබෑම හේතුව මොකක්ද කියලා. එහෙම හොයලා බලන්නේ නැතුව ඔබ කිසිම අවස්ථාවක වැරදි තීරණයක් ගන්න එපා. ඔබ ඉක්මන් වෙලා යම් තීරණයක් ගත්ත නම් නැවත මේ ගැන හොයලා බලන එකෙන් ඔබට පුළුවන් ඒ වැරදි තීරණය නිවැරදි කරගෙන ඒ පුද්ගලයා ගැන නැවත හිතේ විශ්වාසයක් ගොඩනගාගන්න.

2. ඔබ ඔබටම බැන ගන්න එක නතර කරන්න

බොහෝ විට කෙනෙක් ඔබේ විශ්වාසය බිදලා දැම්මොත් ඔබ කරන්නේ ඔහුව විශ්වාස කිරීම ගැන ඔබටම දොස් කියා ගන්න එක. මේ නිසා වෙන්නේ ඔබේ හිතේ ඔහු ගැන ඇතිවෙන කලකිරීම තව තවත් වැඩි වෙන එක. මේ නිසා ඔබට බොහෝ අපහසු වෙනවා නැවතත් ඒ අය ගැන හිතේ විශ්වාසයක් ඇතිකර ගන්න. මේ නිසා ඔබ ඔබටම දොස් නගා ගන්න එක නතර කරලා ටිකක් සැහැල්ලුවෙන් හිතලා බලන්න.

3. ඔබ තව තවත් බුද්ධිමත් වෙන්න

කලින් වතාවේ ඔවුන් ඔබේ විශ්වාසය බිදලා දැම්මේ ඔබව පහසුවෙන් රැවටීමට හැකි බව දන්නා නිසා. මේ නිසා ඔබ මේ වතාවේ බුද්ධිමත් වෙන්න. එවිට ඔබ ඔවුන්ව නැවත විශ්වාස කරත් ඔවුන්ට වැටහෙනවා මේ වතාවේ ඔබව කලින් වතාවේ වගේ රැවටීමට නොහැකි බව. මේ නිසා ඔබට පුළුවන් ප්‍රශ්ණයක් ඇති නොවෙන්න කටයුතු කරන්න.

4. සමාව දෙන්න නමුත් සිදුවුණු දේවල් අමතක කරන්න එපා

ඔවුන්ට සමාව ලබා දීමෙන් ඔබට පුළුවන් ඔවුන්ව නැවත විශ්වාස කරන්න පුළුවන් මානසික වතාවරණක් සකස් කර ගන්න. නමුත් ඔවුන් කරපු දේවල් මතක තියාගන්න. එවිට ඔවුන්ට බැහැ නැවතත් ඔබව රවට්ටන්න. සමාව දෙන එකෙන් ඔබටත් පුළුවන් ඔබේ මනස සැහැල්ලු කරගන්න.

5. හැම කෙනෙක් අතින්ම වැරදි වෙන්න පුළුවන් කියලා හිතන්න

අපි හැමෝටම හැම වෙලාවකම හරි දේම කරන්න බැහැ. අපි අතින් උනත් අනිත් අය අතින් වෙනවට වඩා ලොකු වැරදි වෙන්න පුළුවන්. මේ ගැන හොදින් සිතා බැලුවොත් ඔබට පුළුවන් ඔවුන්ව නැවත විස්වාස කරන්න පුළුවන් මානසිකත්වයක් සකස් කර ගන්න.

6. ඔබේ වැරදි හොදින් හදුනාගන්න

හොදින් මතක තබා ගන්න ඔබ සර්ව සම්පූර්ණ කෙනෙක් නොවෙයි. මේ නිසා ඔබ කිසිම අවස්ථාවක වෙනත් කෙනෙකුගෙන් සර්ව සම්පුර්ණ බවක් බලාපොරොත්තු වෙන්න එපා. සමහර විට ඔබේම වැරදි නිසා වෙන්න පුළුවන් ඔවුන් ඔබගේ විශ්වාසය බිද දැමුවේ. මේ නිසා ඔබේ වැරදි හොදින් හදුනාගන්න. එවිට ඔබට පුළුවන් ප්‍රශ්ණ ඇතිවීම වළක්වා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 310 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 8:46:50 AM
Script:/article/310/starting-fresh-learning-how-to-trust-again.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 8:46:51 AM
Script:/article/310/starting-fresh-learning-how-to-trust-again.html