වයසට ගියත් ලස්සනට ඉන්න කැමති කාන්තාවන්ට

September 1, 2017
6,892
For women who still wants to stay beautiful while aging
අවුරුදු 35 විතර වෙද්දී ගොඩාක් කාන්තාවන්ට තමන්ගේ පෙර තිබුණු සුන්දරත්වය රැක ගන්න බැරුව යන එක සාමාන්‍ය දෙයක්. වයසට යන එක ඉතින් නවත්තන්න බැහැනේ. මෙතෙක් කල් පවත්වාගෙන ගිය සිරුරේ හැඩය වෙනස් වෙනවා, බර වැඩි වෙනවා. ලෙඩ රෝග ඇති වෙනවා, ඒවා නිසා ඔයාගේ පෙනුමේ කලින්ට වඩා ලොකු ලොකු වෙනස්කම් ගොඩාක් සිද්ධ වෙනවා. එත් ඔයා යහපත් පුරුදු අනුගමනය කරනවා නම් මේ තත්වයන් තරමක් දුරට හරි අවම කර ගන්න පුළුවන්. ඒත් අපේ ගොඩක් අය අවුරුදු 30ක් 35ක් වෙද්දී තමන් ගැන දක්වපු සැලකිල්ල ටිකෙන් ටික අඩු කරලා කාලයක් යද්දී අතැරලාම දානවා. ඒත් කොච්චර වයසට ගියත් සුන්දර රූ සපුවක හිමි කාරියක් වෙන්න පුළුවන්නම් ඒක ඔයාට කොච්චර ලොකු ආඩම්බරයක්ද? වයස කියන්නේ ඉලක්කම් දෙකකට විතරයි කියලා ඔයාට බය නැතුව කියන්න පුළුවන්.

මෙන්න මේ කියන පුරුදු ඔයාගේ එදිනෙදා දින චර්යාවට ඇතුලත් කරගන්න. නිවසේදී වගේම රාජකාරි කරන ස්ථානයේදී හැකි අයුරින් මේ කියන දේවල් අනුගමනය කරන්න උත්සාහ කරන්න.

1. උදේ ආහාරය නම් අමතක කරන්න එපා.

උදෑසන අහාරය අපිට වඩාත් වැදගත් ඇයි කියලා ඔයාට අමුතුවෙන් කියලා දෙන්න ඕන නැහැනේ. ඒත් ගොඩක් දෙනෙක් කාර්යබහුල බව නිසා හෝ වෙනත් හේතුන් නිසා මේ අනිවාර්ය කාරණාව මඟහරිනවා. මේ තත්වය ඔයාට ගොඩක් අහිතකර ලෙස බලපානවා. ඒ නිසා උදැසන ආහාර වේල අමතක කරන්න එපා. උදෑසනට ප්‍රෝටීන් හා ඛනිජ ලවන අඩංගු පෝෂ්‍යදායි ආහාර ලබා ගැනීම ගොඩාක් වඩාත්. ඒ වගේම තවත් දෙයක් තමයි උදේට රජෙක් වගේ කන්න ඕන කියලා අනවශ්‍ය විදියට කන්න යන්නත් එපා. එහෙම උනොත් ඒක ඔයාව දවසෙම අපහසුතාවයට පත් කරයි. ඔයාව තරබාරු කරන්න ලෙඩ කරන්න ඒක හේතු වෙනවා. එතකොට කොහෙද ලස්සනක් රැක ගන්නේ?

2. ව්‍යායාම වල වැදගත්කම.

ඔයාගේ එදිනෙදා දින චර්යාවෙන් පොඩි වෙලාවක් ව්‍යායාම සඳහාත් වෙන් කරන්න. දිනකට අවම වශයෙන් විනාඩි 30ක වත් කාලයක් ව්‍යායාම වල නිරත වෙන්න. ඒ විනාඩි 30 න් මුල් විනාඩි 20 තුල අනවශ්‍ය කාබෝහයිඩ්‍රේට් දහනයත් ඉන් පසු මේද දහනයත් සිදු වෙනවා. ඒ වගේම එය ඔයාගේ කායික වගේම මානසික යහපැවැත්ම උදෙසාත් හේතු වෙනවා. ව්‍යායාම සඳහා වෙනමම කාලයක් වෙන් කරන්න ඔයාට අමාරු නම් වත්තේ පිටියේ වැඩ කරද්දී ටිකක් ඇඟ වෙහෙසලා වැඩ කරන්න.

3. වතුර ඔයාගේ මිතුරෙක් කර ගන්න.

වැඩිපුර වතුර බොන එක ගොඩාක් හොඳ පුරුද්දක්. ඒ වගේම එය අපේ ලෙඩ රෝග ගණනාවකටම සුවය ගෙන දෙන්නක්. සමේ තෙතමනය රැක ගන්න අනිවාර්යෙන් දිනකට අවශ්‍ය ජල අවශ්‍යතාව සැපිරීම වැදගත්. එහෙම නැති උනොත් ඔයාගේ සම ඉතා ඉක්මනින් වියලෙන්න ගන්නවා. ඒක ඔයාගේ වයසටත් වඩා වයස පෙනුමක් ලබා දෙන්න හේතු වෙනවා. ඒ වගේම තමයි ඔයාගේ සිරුරේ තිබිය යුතු ජල ප්‍රමාණය අවම වීම මත විජලනය වගේ තත්වයන් ඇති වෙන්නත් ඔයාගේ ශක්තිය හීන වෙන්නත් හේතු වෙනවා.

4. කැෆේන් අඩංගු ආහාර පාන භාවිතය අවම කරන්න.

කැෆේන් අධික ආහාර නිතරම ලබා ගැනීම ශරීරයට ඒ තරම් ගුණදායක වෙන්නේ නැහැ. කැෆේන් වලින් ශරීරයට ශක්තිය ලබා දුන්නත් වැඩිපුර භාවිතයට ගැනීම අහිතකරයි. තේ, කෝපි, චොක්ලට් වගේ කැෆේන් අඩංගු ආහාර පාන නිතර ලබා ගන්න එපා. එය ඔයාගේ නින්ද අහිමි කරන්නත් හේතුවක් වෙනවා. ඒක ඔයාගේ ශරීර සෞඛ්‍යට බලපෑම් එල්ල කරනවා.

5. රූපය ගැන හිතන අයට නින්ද වැදගත්.

නින්ද කියන දේ කොච්චර වැදගත්ද කියලා දවසක් දෙකක් නිදි මැරුවම තේරෙනවනේ. ඒ වගේම නින්ද කියන දේ ඔයාගේ සුන්දරත්වයට වගේම සෞඛ්‍යයටත් බලපාන දෙයක්. ඒ නිසයි නින්ද ගොඩාක් වැදගත් වෙන්නේ. ඒ මඟින් මනසට වගේම ශරීරයට විවේකයක් ලබා දෙනවා. අනිවාර්යෙන් දවසකට පැය 7ක 8ක වත් නින්දක් ලබා ගැනීම කල යුතුයි.

මෙන්න මේ කිව්ව දේවල් ගැන ඔයා ටිකක් අවධානය යොමු කරොත් කොච්චර වයසට ගියත් තරුණ කාලේ ඔයා ළඟ තිබුණු සුන්දරත්වය හැමදාමත් ඔයා ළඟම තියා ගන්න පුළුවන් වෙයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 395 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:26:12 PM
Script:/article/395/for-women-who-still-wants-to-stay-beautiful-while-aging.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:26:12 PM
Script:/article/395/for-women-who-still-wants-to-stay-beautiful-while-aging.html