සෙම්ප්‍රතිශ්‍යාව ගණන් නොගෙන හිටියොත් ඔබ නොදැනම අමාරුවේ වැටෙනවා

October 29, 2017
5,099
Things you should consider about cold
සෙම්ප්‍රතිශ්‍යාව කිව්වම අපි ගොඩක් දෙනක් ඒ ගැන එච්චර ගණන් ගන්නේ නැහැ. ඕකත් ලෙඩක්ද කියලනේ හිතන්නේ. බෙහෙතක් හේතක් කරන්න වත් හිතන්න නැති තරමට අපි ඒක නොසලකා හරිනවා. මේ ලිපිය කියෙව්වට පස්සේ නම් ඔයා සෙම්ප්‍රතිශ්‍යාව සුළුවෙන් නම් හිතන එකක් නැහැ. බලන්නකෝ ගණන් නොගෙන හිටියොත් මොකද වෙන්නේ කියලා.

සෙම්ප්‍රතිශ්‍යාවට මුල් කාලීනව ප්‍රතිකාර නොකරොත් ඉන් එහා ගිය දරුණු රෝගී තත්ත්වයන්ට පත් වෙනවා. සෙම්ප්‍රතිශ්‍යාව නොසලකා හැර සිටීමෙන් මාරාන්තික තත්ත්වයන් පවා ඇති වෙන්න පුළුවන්.

සෙම්ප්‍රතිශ්‍යාවේ පසු කාලින රෝග තත්ත්වයන් හඳුනා ගැනීම තවත් වැදගත් කරුණක්

1. උණ

2. උණ සන්නිපාතය

3. පීනස

4. ඇදුම

5. හිසරදය වගේම ඉන් එහා ගිය දරුණු තත්ත්වයන් විදියට

6. ඉරුවාරදය

7. මොලේ උණ

වැනි තත්ත්වයන් ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසා දිගු කාලීනව පවතින සෙම්ප්‍රතිශ්‍යාව ගන්නන් නොගත යුතු තත්ත්වයක් කියලා කිසි විටක හිතන්න එපා. අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර වගේම පරිස්සමත් ඉතා වැදගත්.

ඒ වගේම සෙම්ප්‍රතිශ්‍යාව වැලඳුණු අවස්ථාවකදී ඔබගෙන් තවත් කෙනෙකුට රෝගය වැළඳෙන විදියට කටයුතු කරන්න එපා. කිවිසුම් යන විට ඒ සඳහා අනිවාර්යෙන් ලේන්සුවක් පාවිච්චි කරන්න. වැඩි වශයෙන් පිරිස ගැවසෙන තැන් වලට යාමෙන් වලකින්න. මොකද දුර්වල ප්‍රතිශක්තිකරණයක් ඇති අයෙකුට ඉතා ඉක්මනින් වැළඳෙන්න පුළුවන්.

කෘතිම බීම වර්ග සහ ශිත කල වතුර වගේම ශීත කල ආහාර ගැනීමෙන් වලකින්න. එය සෙම්ප්‍රතිශ්‍යාව කල් පවතින්න හේතුවක්. නිතරම උණුසුම් වූ ජලය පානය කිරීම සෙම්ප්‍රතිශ්‍යාව අඩු වීමට උදව් වෙනවා.

ඒ වගේම මේ තත්ත්වයේදී අහාර රුචිය අඩුවන නිසා ආහාර රුචිය ඇති වන ආහාර ලබා ගැනීම ඉතා සුදුසුයි. එහෙම නොවුනොත් ඔයාව තව තවත් දුර්වල වෙනවා. හැම විටම සැහැල්ලු ආහාර තෝරා ගන්න. බෝංචි, කැරට්, බීට්, පරිප්පු වගේම හාල්මැස්සන්, කඩල, මුං ඇට වැනි ශක්තිය වඩවන ආහාර ලබා ගන්න.

සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුනු රෝගියෙකුගේ උපකරණ පාවිච්චියෙන් ඉතා ඉක්මනින් මෙය වැළඳීමේ ඉඩ කඩ තියෙනවා. ඒ නිසා රෝගය වැළඳීමට පෙර පරිස්සම තමයි වැදගත් වෙන්නේ. මේ අවදානම් තත්ත්වයන්ගෙන් මිදෙන්න නිවැරදි චර්යාවන් වලට හුරු වීමත්, නිවරදි ආහාර රටාවක් අනුගමනයත්, තමන්ගේ සෞඛ්‍ය ගැන වැඩි සැලකිල්ලක් දැක්වීමත් තමයි ඔයාට කරන්න තියෙන හොඳම දේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 480 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:27:24 PM
Script:/article/480/things-you-should-consider-about-cold.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:27:24 PM
Script:/article/480/things-you-should-consider-about-cold.html