ඔයත් උදේ හවස පොල් වතුර විසි කරලා දාන කෙනෙක්ද? ආයෙත් ඒ වැරැද්ද නම් කරන්න එපා

November 20, 2017
6,794
Do not throw-away coconut water hereafter
පොල් වතුර කියන්නේ නිතරම වගේ අපේ ගෙවල් වලින් ඉවතට විසි කරන, ප්‍රයෝජනයක් නැති දෙයක් විදිහට සලකන දෙයක්. ඔයා නොදන්නවා වුණාට පොල් වතුර වල ඖෂධිය වටිනාකම් රාශියක් තියෙනවා. ඔයා ඒවා ගැන හරියටම දැන ගත්තොත් ආයෙත් කවදාවත් පොල් වතුර ටික විසි කරන එකක් නැහැ.


1. පොල් වතුර පානය  මඟින් සම ගැඹුරට ගොස් පෝෂණය කරන අතර සම වියළි ස්වභාවය අවම කරවනවා.

2. පොල් වතුර blackhead, whitehead වලට හොඳ ප්‍රතිකාරයක්.

3. රාත්‍රී නින්දට පෙර පොල් වතුර ස්වල්පයක් ගෙන මුහුණේ ඇති ලප කැළැල් වල අලේප කර උදෑසන සෝදා ඉවත් කරන්න.

4. ඒ වගේම ඒ මඟින් හිසකෙස් පෝෂණය කරනවා.

5. පොල් වතුර පානය වියළි ස්වභාවයෙන් යුතු හිසකෙස් වලට හොඳ ඖෂධයක්. 

6. පොල් වතුර පානය මඟින් රුධිර සංසරණ ක්‍රියාවලිය නිසි පරිදි පවත්වාගෙන යන්න පුළුවන්.

7. පොල් වතුරේ Lauric අම්ලය අඩංගු වන අතර එමගින් ආහාර වල ඇති සියලුම ප්‍රෝටීන් ආරක්ෂා කරයි.

8. ඒ වගේම එය මුත්‍රා ආසාදන වලට හොඳ ප්‍රතිකාරයක්. දිනකට පොල් වතුර වීදුරු දෙකක් පානය කිරීමෙන් සම්පුර්ණයෙන්ම මුත්‍රා ආසාදන සුව කිරීමේ හැකියාව තියෙනවා.

9. පොල් වතුර  වකුගඩු වල ගල් ඇති වීමේ රෝගය සඳහා සුවය ගෙන දෙනවා.

10. ශරීරයට අවශ්‍ය මැග්නීසියම්, යකඩ, කැල්සියම්, සින්ක් හා මැන්ගනීස් ඇතුළු පෝෂණ කොටස් රාශියක් පොල් වතුර වල අඩංගුයි. ඒ වගේම කැලරි සහ විටමින් බී වලිනුත් එය පොහොසත්.

11. මස්පිඬු ශක්තිමත් කිරීමටත් අස්ථි වල සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහාත් පොල් වතුර උපකාර කරයි.

12. පොල් වතුර රුධිරයේ අධික සීනි මට්ටම පාලනය කරයි.

13. පොල් වතුර ආහාර ජීර්ණය සඳහා තියෙන හොඳම පිළියමක් වෙනවා.

14. ඒ වගේම පොල් වතුර ඉතා ඉහල ශක්තිජනක පානයක්. 

15. සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරනවා. 

පොල් වතුර වල තියෙන ප්‍රයෝජන වලින් කීපයක් විතරයි මේ කිව්වේ. අද ඉඳලා පොල් වතුර කියන්නේ ප්‍රයෝජනවත් දෙයක් නෙවෙයි කියලා හිතලා විසිකරලා දාන්නේ නැහැ නේද?

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

chore lists for kids
   70,589
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
How to reduce under arm sweating
   46,497
   25

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Foods to you should never give your kids
   75,010
   24

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
How to get vitamin E for healthy skin and hair
   71,002
   23

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed