ඔයත් උදේ හවස පොල් වතුර විසි කරලා දාන කෙනෙක්ද? ආයෙත් ඒ වැරැද්ද නම් කරන්න එපා

November 20, 2017
6,554
Do not throw-away coconut water hereafter
පොල් වතුර කියන්නේ නිතරම වගේ අපේ ගෙවල් වලින් ඉවතට විසි කරන, ප්‍රයෝජනයක් නැති දෙයක් විදිහට සලකන දෙයක්. ඔයා නොදන්නවා වුණාට පොල් වතුර වල ඖෂධිය වටිනාකම් රාශියක් තියෙනවා. ඔයා ඒවා ගැන හරියටම දැන ගත්තොත් ආයෙත් කවදාවත් පොල් වතුර ටික විසි කරන එකක් නැහැ.


1. පොල් වතුර පානය  මඟින් සම ගැඹුරට ගොස් පෝෂණය කරන අතර සම වියළි ස්වභාවය අවම කරවනවා.

2. පොල් වතුර blackhead, whitehead වලට හොඳ ප්‍රතිකාරයක්.

3. රාත්‍රී නින්දට පෙර පොල් වතුර ස්වල්පයක් ගෙන මුහුණේ ඇති ලප කැළැල් වල අලේප කර උදෑසන සෝදා ඉවත් කරන්න.

4. ඒ වගේම ඒ මඟින් හිසකෙස් පෝෂණය කරනවා.

5. පොල් වතුර පානය වියළි ස්වභාවයෙන් යුතු හිසකෙස් වලට හොඳ ඖෂධයක්. 

6. පොල් වතුර පානය මඟින් රුධිර සංසරණ ක්‍රියාවලිය නිසි පරිදි පවත්වාගෙන යන්න පුළුවන්.

7. පොල් වතුරේ Lauric අම්ලය අඩංගු වන අතර එමගින් ආහාර වල ඇති සියලුම ප්‍රෝටීන් ආරක්ෂා කරයි.

8. ඒ වගේම එය මුත්‍රා ආසාදන වලට හොඳ ප්‍රතිකාරයක්. දිනකට පොල් වතුර වීදුරු දෙකක් පානය කිරීමෙන් සම්පුර්ණයෙන්ම මුත්‍රා ආසාදන සුව කිරීමේ හැකියාව තියෙනවා.

9. පොල් වතුර  වකුගඩු වල ගල් ඇති වීමේ රෝගය සඳහා සුවය ගෙන දෙනවා.

10. ශරීරයට අවශ්‍ය මැග්නීසියම්, යකඩ, කැල්සියම්, සින්ක් හා මැන්ගනීස් ඇතුළු පෝෂණ කොටස් රාශියක් පොල් වතුර වල අඩංගුයි. ඒ වගේම කැලරි සහ විටමින් බී වලිනුත් එය පොහොසත්.

11. මස්පිඬු ශක්තිමත් කිරීමටත් අස්ථි වල සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහාත් පොල් වතුර උපකාර කරයි.

12. පොල් වතුර රුධිරයේ අධික සීනි මට්ටම පාලනය කරයි.

13. පොල් වතුර ආහාර ජීර්ණය සඳහා තියෙන හොඳම පිළියමක් වෙනවා.

14. ඒ වගේම පොල් වතුර ඉතා ඉහල ශක්තිජනක පානයක්. 

15. සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරනවා. 

පොල් වතුර වල තියෙන ප්‍රයෝජන වලින් කීපයක් විතරයි මේ කිව්වේ. අද ඉඳලා පොල් වතුර කියන්නේ ප්‍රයෝජනවත් දෙයක් නෙවෙයි කියලා හිතලා විසිකරලා දාන්නේ නැහැ නේද?

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 528 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 6:56:10 PM
Script:/article/528/do-not-throw-away-coconut-water-hereafter.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 6:56:11 PM
Script:/article/528/do-not-throw-away-coconut-water-hereafter.html