බිත්තර සුදු මදයේ සැඟවුණු රුව වඩන රහස්

December 3, 2017
11,213
Beauty tips from egg whites
බිත්තර කියන්නේ ප්‍රෝටීන් බහුල ආහාර අතරින් මුල් තැන ගන්න ආහාරයක්. අපේ පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමේදී වගේම විවිධ රුපලාවන්‍ය සත්කාර වලදීත් බිත්තර නැතුවම බැහැ. බිත්තර සුදු මදයෙන් සුන්දරත්වය තව වැඩි කර ගන්න පුළුවන් ක්‍රම කිහිපයක් තමයි මේ කියන්නේ. බලන්න, ඔයා නොදන්නා දේවල් ගොඩක් මේ අතර ඇති.

1. සමට හොඳ scrub එකක්

සමේ කුණු දූවිලි, මැරුණු සම ඉවත් කරන්න scrub එකක් විදිහට බිත්තර සුදු මදය භාවිතා කරන්න පුළුවන්. බිත්තර සුදු මදය ගෙන හොඳින් බීට් කර මුහුණේ බෙල්ලේ ආලේප කර හොඳින් වියලෙන්නට දෙන්න. විනාඩි 20ක් 30ක් විතර ප්‍රමාණවත්. මද උණුසුම් වතුරින් සෝදා ඉවත් කරන්න. සතියට දවසක් හෝ දෙකක් මේ සත්කාරය try කරලා බලන්න.

2. තෙල් සහිත සමට

තෙල් සහිත සමක තෙල් පාලනය කරන්න බිත්තර සුදු මදය ඉතා යෝග්‍යයි. බිත්තර සුදු මදයට ලෙමන් යුෂ තේ හැඳි 3ක් එකතු කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 15 කින් සෝදා ඉවත් කරන්න.

3. හිස කෙස් වර්ධනයට

දුර්වල, අවපැහැ ගැන්වුණු, හිස කෙස් වලට බාහිරින් ලබා දෙන්න පුළුවන් හොඳ සත්කාරයක් බිත්තර සුදු මදය ආලේප කිරීම. හිස් කබලේ අලේප කර විනාඩි 30 කින් ෂැම්පු වර්ගයක් යොදා සෝදා හරින්න. හිස කෙස් වර්ධනය කරන්නත්, කෙස් කළඹේ නිරෝගී භාවයටත් බිත්තර සුදු මදය ඉතා කදිමයි.

4. හිස කෙස් වලට කන්ඩිෂනර් එකක්

හිස කෙස් සිනිඳු කරවන ස්වාභාවික කන්ඩිෂනර් එකක් විදිහට බිත්තර සුදු මදය පාවිච්චි කරන්න පුළුවන්. බිත්තර සුදු මදයට ඔලිව් තෙල් තේ හැඳි 2ක්, යෝගට් කප් එකකින් 1/4 න් මිශ්‍ර කරලා හිස කෙස් වල ආලේප කරලා විනාඩි 45කින් පමණ සෝදා ඉවත් කරන්න.

5. හිරු එළිය නිසා ඇති වුණු අවපැහැ වීම් අවම කරයි

හිරු රශ්මියේ ඇති අහිතකර UV කිරණ නිසා සම මත ඇති වන ලප, අවපැහැ වීම් අවම කර ගන්න බිත්තර සුදු මදයට මී පැණි මේස හැඳි 2ක් මිශ්‍ර කරලා අවපහ ගැන්වුණු ප්‍රදේශ වල ආලේප කරන්න. ක්‍රමානුකුලව සතියට තුන් වරක් වත් කිරිමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්

6. ඇස් යට කළු වීමට

නිදි වැරීම, මානසික ආතතිය වැනි හේතු නිසා ඇස් යට කළු වීම, ඇස් වටා ඉදිමුම ඇති වෙනවා. ඒ තත්ත්වය අවම කරන්න බිත්තර සුදු මදය ඇස් වටා ආලේප කර විනාඩි 15කින් පමණ සෝදා ඉවත් කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 556 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:19:53 PM
Script:/article/556/beauty-tips-from-egg-whites.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:19:53 PM
Script:/article/556/beauty-tips-from-egg-whites.html