මුරුංගා සුප් - Recipe

December 7, 2017
1,118
Drumstick Soup Recipe
 
ගතවන කාලය විනාඩි 30
3 දෙනෙකු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

මුරුංගා කරල් 6 ක්
අර්තාපල් ග්‍රෑම් 100
කපාගත් ලූනු තේ හැඳි 1
කපාගත් සුදු ලූනු තේ හැඳි 1
පොල් තෙල් තේ හැඳි 1
වතුර මිලි ලිටර් 500
ලුණු කුඩු තේ හැඳි 1

සාදන ක්‍රමය

1. පළමුව මුරුංගා කරල් දෙකට පලා මදය තේ හැන්දකින් සූරා ගන්න.

2. අර්තාපල් පොත්ත ඉවත්කර කුඩා කැබලි වලට කපා ගන්න.

3. ඉන්පසුව භාජනයක් ලිප තබා එයට තෙල් දමා ලූනු, සුදු ලූනු, දමා රන්වන් පැහැවන විට මුරුංගා මද සහ අල දමා වතුර එකතුකර විනාඩි 15 ක් පමණ තම්බාගන්න.

4. එය නිවුනාට පසු බ්ලෙන්ඩර් කර පෙරාගන්න.

5. එයට ලුණු දමා නැවත රත්කර පිළිගන්වන්න.

මෙය ඉදිමුම, ශරීරයේ වේදනා ඇති අයට, සර්ප දෂ්ඨ වලට ලක් වූ අයට ඉතාමත් හොඳ, කැල්සියම් බහුල පානයකි. විශේෂයෙන් ආර්තව තත්වයෙන් පසුවන කාන්තාවන්ට ඇතිවන කැල්සියම් ඌණතාවයට හොඳම ආහාරයකි. පෝෂණ ගුණය අතරින් ඉතා ඉහළ තැනක් ගනී.

නමුත් උෂ්ණ රෝග, පිත් රෝග, ලේ සම්බන්ධ රෝග, වකුගඩු ආශ්‍රිත රෝගීන්ට නුසුදුසුය.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Must have frocks for woman (Part 01)
   4,434
   3,681

ගවුම් අඳින්න කැමති යුවතියකට තිබිය යුතුම ගවුම් වර්ග 06 ක් - (01 කොටස)

ඔයත් ගවුම් විලාසිතා වලට අනුව හැඩ වෙන්න කැමති යුවතියක් නම් අද හැඩකාරී ඉදිරිපත් කරන මේ ලිපිය කියවලාම බලන්නකෝ ඔයාව ලස්සනට පේන ගවුම් වර්ග මොනවාද කියලා
Things you didn’t care about dhal
   6,534
   2,505

හැමදාම කන පරිප්පු ගැන නිකමටවත් හිතුනේ නැති දෙයක් මේ

ගොඩාක් දෙනෙක් මේ විදියට හරි කැමැත්තෙන් කන පරිප්පු වලින් ලෙඩ රෝග රැසකින් බේරිලා ඉන්න මේ තරම් ලොකු ආරක්ෂාවක් ලැබෙනවා කියලා ඔයා නම් නිකමටවත් හිතන්න නැතිව ඇති
You’ll be surprised to hear the benefits of drinking warm water
   5,536
   1,547

හැමදාම උණුවතුර බොන අයට ලැබෙන දේවල් ඇහුවොත් ඔබ පුදුම වෙයි

අද අපි කියන්න යන්නේ ටිකක් රස්නෙන් වතුර බොන අයට ලැබෙන පුදුම හිතෙන දේවල් ටිකක් ගැන
Think twice if you want to remain friends after a break up
   840
   757

තිත තියපු ආදර කතාවක් යාළුකමක් විදිහට පවත්වාගෙන යන්න එපා කියන්නේ ඇයි?

ආදරය යටපත් වෙලා සැබෑ යාළුකම ඉස්මතු වෙයිද? එහෙම නැත්තම් හිත රවට්ටවා ගැනීමක් විතරක් වෙයිද?
One grain that improve women health
   10,413
   650

කාන්තා රෝග රැසකට සුවය දෙන වටිනාම ධාන්‍යය

ආහාරයට සුදුසු ලෙස පිළියෙළ කර ගත් බාර්ලි කෝප්පයක මොන තරම් පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වෙනවාද කියලා බලන්නකෝ

Latest Articles

Most Viwed