එයා ඔයාව ගණන් ගන්නේ නැද්ද. මේ දේවල් කරොත් පෙම්වතාගේ සැමියාගේ අවදානය ගන්න එක simple

December 19, 2017
9,892
Isn't he consider about you
ආදරේ කරන්න පටන් ගත්ත මුල් කාලේ නිතරම ළඟ දැවටී දැවටී හිටියට කාලයක් ටික ටික ඒ දේවල් නැතුව යනවා. ආදරේ නැති වෙනවා කියලා නෙවෙයි කියන්නේ. හැබැයි ආදර කතාව ටිකක් පරණ වෙද්දී එකිනෙකා වෙනුවෙන් වෙන් කරපු කාලය ටිකෙන් ටික අඩු වෙනවා. අනිත් කෙනා ගැන හොයන්නේ බලන්නේ නැහැ, අවදානය අඩු වෙනවා. විවාහ වුණු අය අතරේ නම් මේ දේවල් අනිවාර්යෙන් සිද්ද වෙන දේවල්. හිතා මතා නොකරනවා වුනත් දෙන්නටම නොදනී දෙන්න ඈතට යනවා.

මේ කියන්නේ සැමියාගේ, පෙම්වතාගේ ආදරය ඉස්සර වගේම ඔයා ළඟ තියා ගන්න ඔයා මොනවද කරන්න ඕන කියලා.

1. ඔහුගේ තොරතුරු විමසන්න

සැමියාගේ, පෙම්වතාගේ අවදානය දිනා ගන්න පුළුවන් හොඳ ක්‍රමයක් මේක. හැම දවසක් අවසානයේදීම ඔහුගේ දවස කොහොමද?, මොකද වුණේ?, කාර්යාලයේ කටයුතු කොහොමද? වගේ දේවල් ගැන ඔහු එක්ක කතා කරන්න. මේ විදිහට ඔයාට එයා එක්ක කතා බහ කරන්න පුළුවන් නම් ඔයාල දෙන්න අතරේ සමීප බවක් නැවත ඇති කර ගන්න පුළුවන්. එහෙම වෙද්දී ඔයා තවමත් එයා ගැන හොයා බලනවා කියලා, ආදරේ කරනවා කියලා එයාට හැඟේවි. එහෙම වුනොත් එයත් ඔයා ගැන මීට වඩා සැලකිලිමත් වෙයි.

2. ඔහු වෙනුවෙන් කාලය වෙන් කරන්න

ගොඩක් දෙනෙක් මුල් කාලේ නිතරම අනිත් කෙනා වෙනුවෙන් කාලය වෙන් කරාට පහු වෙද්දී call එකක් වත් දීලා හොයල බලන්නේ නැති තැනට පත් වෙනවා. කාර්යබහුලත්වය ඒකට හේතුවක් වෙන්න පුළුවන්. එත් තමන්ගේ ආදරණීයයන් වෙනුවෙන් දවසේ කාලයෙන් පොඩි වෙලාවක් වෙන් කරන්න. මොකද ඔයාගේ සැපේදී වගේම දුකේදීත් ඔයාග ළඟ රැඳෙන්නේ ඔයාට ආදරේ කරන අය විතරයි.

3. ඔහුට හොඳ සහායිකාවක් වන්න

ඔයාගේ වැඩ රාජකාරි එක්ක තව කෙනෙක්ගේ වැඩ වලට උදවු කරනවා තියා ඒ ගැන හිතන්න වත් බැරුව ඇති. ඒත් ඔයාගේ සැමියා, ආදරවන්තයා අපහසුතාවයට, කරදරයට පත් වෙලා ඉන්න වේලාවකදී වත් ඔයාට හැකි අයුරින් ඔහුගේ වැඩවලට දායක වෙන්න. එයාගේ ඔය පොඩි පොඩි වැඩ වලට උදව් කිරීමෙන් ඔයා එයාට ගොඩක් ආදරය කරන බව ඔහුට දැනෙයි. එයත් ඔයාට ඉස්සර වගේම ආදරෙන් ලං වෙන්න ඒක හේතුවක් වෙයි. ඒ වගේම තමයි ඔයාගේ වැඩ වලට උදවු වෙන්නත් එයා දෙපාරක් හිතන්නේ නැහැ.

4. ඔහු වෙනුවෙන් විශේෂ දෙයක් plan කරන්න

නිවාඩු දවසකට පොඩි වෙනසක් කරන්න සැලසුම් කරන්න. කෑමට එලියට යන්න. නැතිනම් ඇවිදීමට යාමට හෝ සැලසුම් කරන්න. එයින් හැමදාම ගෙවන ඒකාකාරී දවස් වලට වඩා වෙනස් දවසක් වේවි. දෙන්නටම සතුටක් වගේම වෙනස් අත්දැකීමක් එක් කරාවි. ඒ වගේම නිතර නිතර කරන්න බැරි වුනත් ඉඳලා හිටලා හරි පොඩි තෑග්ගක් එහෙම දුන්නට වරදක් නැහැ. මිල අධික ලොකු ලොකු තෑගි නෙවයි. පොඩි දෙයක්. ඔයා අතින්ම හදපු දෙයක් ඔහුට තෑගි කරන්න පුළුවන් නම් ඒක එයාට ගොඩක් දැනේවි.

5.ආදරේ හිතේ තියන් ඉඳල වැඩක් නැහැ

ගොඩක් අය ආදරේ කරාට එක අනිත් කෙනාට පෙන්නන්නේ නැහැ. එහෙම වුනහම එයා කොහොමද දැන ගන්නේ ඔයා එයාට ආදරේ කරනවා කියලා. දෙදෙනා අතර තියෙන බැඳීම් දුරස් වෙන්න, අහිමි වෙන්න හේතුවක් වෙනවා. ඒ නිසා දැනෙන්න ආදරේ කරන්න. ළඟ ඉද්දී ආදරෙන් කතා කරන්න. ආදරණිය වෙන්න. එයා ළඟ නැති වෙලාවට ආදරණීය මැසේජ් එකක් යවන්න. එහෙම වෙද්දී ඔහුත් ඔයාගේ මැසේජ් එක කෝල් එක එනකන් බලාගෙන ඉඳීවි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 584 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 2:38:37 PM
Script:/article/584/isnt-he-consider-about-you.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 2:38:37 PM
Script:/article/584/isnt-he-consider-about-you.html