පෑන් කේක් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය :
ආටා පිටි අඬු කෝප්ප 2 ක්
කුරක්කන් පිටි අඬු කෝප්ප 2 ක්
බිත්තර 1 ක්
ලුණු කුඩු ස්වල්පයක්
වතුර අවශ්‍ය පමණට
පිරවුම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය :
කපාගත් අර්තාපල් ගෙඩි 3 ක්
කෑලි මිරිස් තේ හැඳි 1 ක්
කපාගත් සුදු ළුණු බික් 2 ක්
අබ ස්වල්පයක්
කපාගත් ලොකු ළුණු ගෙඩි 2 ක්
පොල් තෙල්
මින්ස් කරගත් කුකුල් මස් ග්‍රෑම් 200 ක්
පෑන් කේක් එක සාදන ක්‍රමය :
1. භාජනයක් ගෙන එයට ආටා පිටි, කුරක්කන් පිටි, බිත්තරය, ලුණු හා වතුර එක් කරමින් පෑන් කේක් පදමට මිශ්‍රණයක් (බැටරයක්) සාදාගන්න.
2. මෙම මිශ්‍රණය විනාඩි 20ක් පමණ පදම් වීමට තබන්න.
3. තැටියක් ගෙන තෙල් ආලේප කර මිශ්‍රණයෙන් ටික ටික දමා පෑන් කේක් සාදාගෙන දෙපැත්ත දමා පිස ගන්න.
පිරවුම සාදන ක්‍රමය :
1.තෙල් ස්වල්පයක් රත්කර අබ දමා පුපුරවාගෙන කෑලි මිරිස්, මාළු මිරිස්, ලොකු ළුණු , සුදු ළුණු දමා හොඳින් මිශ්‍ර කරන්න.
2.එයට අඹරාගත් කුකුල් මස් හා අර්තාපල් දමා හොඳින් කූරු ගා රස පදමට ලුණු දමා හොඳින් පිසගන්න.
දැන් කලින් සකස් කර ගත් පෑන් කේක් එකට සාදාගත් පිරවුම දමා හොඳින් රෝල් කර සරසා පිළිගන්වන්න. සාදාගත් වෑංජනයක් සමග වුවද පිළිගැන්විය හැක.