අමුතු රහකට වඩේ කමු. ගෝවා වඩේ - Recipe

March 5, 2018
7,723
Cabbage Wade Recipe
වඩේ ජාති නම් කොතෙකුත් කාලා ඇති. ඒත් පොංගල්වලටම විශේෂයෙන් හදන මේ ගෝවා වඩේ කාලා නැතිනම් ඔන්න අදම හදලා බලන්නකො. මෙහි දී ඇති ප්‍රමාණවලින් වඩේ 20 ක් පමණ සාකසාගත හැකිය.

අවශ්‍ය ද්‍රව්‍ය :

කඩල පරිප්පු (රැයක් පොඟවාගත්) අඬු කෝප්ප 1
අමු මිරිස් (කුඩාවට කපාගත්) කරල් 6
ගෝවා කොල (කුඩාවට කපාගත්) අඬු කෝප්ප 1
කැරට් (කුඩාවට කපාගත්) අඬු කෝප්ප 1/2
ලොකු ළූණු (කුඩාවට කපාගත්) අඬු කෝප්ප 1/4
කොත්තමල්ලි කොල (කුඩාවට කපාගත්) අඬු කෝප්ප 1/4
කඩල පිටි අඬු කෝප්ප 1/4
ලුණු රස පදමට
ගැඹුරු තෙලේ බැදගැනීමට තෙල්

සාදන ආකාරය :

1. පොඟවාගත් පරිප්පුවල වතුර හොඳින් බේරා ගන්න.

2. පසුව පරිප්පු සහ අමු මිරිස් යාන්තම් කැබලි ඉතිරි වන ආකාරයට බ්ලෙන්ඩ් කරගන්න.

3. දැන් මෙම මිශ්‍රණය බෝල් එකකට දමාගෙන එයටම අනෙකුත් සියලු ද්‍රව්‍යයන් එක්කර හොඳින් මිශ්‍ර කරගන්න.

4. ඉන්පසු මිශ්‍රණය සමාන කොටස් 20කට වෙන්කරගන්න.

5. එක් එක් කොටස බැගින් ගෙන වඩේ එකක හැඩයට අඟල් 2ක පමණ විශ්කම්භයට තුනී කරගන්න.

6. දැන් ලොකු තාච්චියක් ලිප තබා එයට තෙල් දමා රත්කරගෙන සාදාගත් වඩේ 3-4ක් එකවර දමා රන්වන් පාට වනතෙක් දෙපැත්ත හරවමින් බැදගන්න.

7. වැඩිපුර ඇති තෙල් ටිෂු කොලයකින් ඉවත් කරගෙන උණුවෙන්ම කෑමට ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 688 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:40:54 PM
Script:/article/688/cabbage-wade-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:40:54 PM
Script:/article/688/cabbage-wade-recipe.html