බූන්දි - Recipe

April 8, 2018
6,410
Boondi Recipe
අවශ්‍ය ද්‍රව්‍ය :

කඩල පිටි (හොඳින් පුරවාගත් අඩු කෝප්ප 1)
පිටි තේ හැඳි 1
කේසරි කුඩු ස්වල්පයක් 
බේකින් සෝඩා ස්වල්පයක් 
පොල් තෙල් 

සීනි පැණි සඳහා අවශ්‍ය ද්‍රව්‍ය :

සීනි අඬු කෝප්ප 1 1/2
වතුර අඬු කෝප්ප 1/2
එනසාල් කුඩු අඬු කෝප්ප 1/2
එළඟි තෙල් මේස හැඳි 1
කුඩාවට කපාගත් කජු මේස හැඳි 1
වියළි මිදි මේස හැඳි 1
කහ ස්වල්පයක් 
කේසරි කුඩු ස්වල්පයක් 

පිළියෙළ කර ගන්නා ආකාරය :

කඩල පිටි, කේසරි කුඩු, බේකින් සෝඩා කලවම් කරන්න. එයට වතුර එක්කරමින් බැටරයක් සාදාගන්න. පෑන් එකක තෙල් රත්කරගෙන බූන්දි හැන්ද තෙල්වලට මඳක් උඩින් තබන්න. හැන්ද පිරෙන සේ බැටරය දමන්න. බැටරයෙන් බිංදු බිංදු තෙලට වැටෙන්නට හැන්දට සෙමින් තට්ටු කරන්න. තෙලට වැටෙන බැටර බිංදු බැදන්නට හරින්න. බැදුණු පසු කොළයකට දමා තෙල් බේරාගන්න. 

සීනි පැණි මිශ්‍රණය සාදන ක්‍ර‍මය :

සීනි සහ වතුර කලවම්කර මිශ්‍රණය ලිප මත තබා සීනි දියවනතුරු හැඳිගාන්න. මිශ්‍රණය බාගෙට නූල් ඇදෙන තරමට උතුරවාගෙන ගින්දරෙන් ඉවත් කරන්න. කේසරි කුඩු, කහ, එනසාල් කුඩු, එළඟි තෙල්, වියළි මිදි එයට කලවම්කර කජු සහ සාදගත් බූන්දි එකතුකර හොඳින් කලවම් කරන්න. දැන් මිශ්‍රණය නිවෙන්නට තබන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 756 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:52:19 PM
Script:/article/756/boondi-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:52:19 PM
Script:/article/756/boondi-recipe.html