කොච්චර උත්සහ කරත් ඇයි මේ ඇගේ බර අඩු වෙන්නේ නැත්තේ?

February 26, 2017
14,161
Why You're Not Losing Weight
අපි කවුරුත් කැමති ලස්සනට ඉන්න. අපේ ලස්සනට වගේම ශරීරයේ නිරෝගිමත් බවට තියන ලොකුම ප්‍රශ්නය තමයි අධික ස්ථුල භාවය. ගොඩක් අයට පුළුවන් මේ ප්‍රශ්නයට සාර්ථක පිළිතුරක් හොයාගන්න ආහාර පාලනයෙන් වගේම දිනපතා ව්‍යායාම කිරීම මගින්. නමුත් සමහරක් පුද්ගලයන්ට මේ මොන ක්‍රමය අනුගමනය කරත් තමන්ගේ බර නම් අඩුකර ගන්න බැරි වෙලා තියනවා.

ඔබ සමහර විට නොදන්නවා ඇති මේ සිදුවීම පසුපස ඇති සැගවුණු හේතුව. ඇත්තටම ඔබ කොච්චර උත්සහ කරත් ඔබට බර අඩු කර ගන්න බැරි වෙන්නේ අපි හැමෝගෙම ශරීරය තුල නිපදවෙන cortisol කියන හොර්මොනයේ අධි ක්‍රියාකාරිත්වය. මේ තත්වය සාමන්යෙන් සෑම පුද්ගලයෙකුටම පොදු දෙයක් නෙවෙයි. මේ තත්වය ඇති වෙන්නේ සමහරක් පුද්ගලයන්ට පමණයි.

මේ හෝර්මෝනය සාමාන්යෙන් නොකඩවා නිපදවෙන්නේ ඔබ ස්ථිර ආතතිමය තත්වයකින් පෙලෙන අවස්ථාවල. මේ නිසාම මේ හෝර්මෝනය හදුන්වනු ලබනවා ආතති හොර්මොනයක් ලෙස. මේ අනුව මෙම හෝර්මෝනය වැඩි වශයෙන් ශරීරය තුළ නිපදවීම ඔබට අහිතකර ලෙස බලපානවා. ඒ අනුව ඔබගේ ශරීරයේ බර වැඩිවී ඔබ ස්ථුල භාවයට පත් වෙනවා. මෙය සාමාන්යෙන් පාලනය කර ගැනීමට තරමක් අපහසු තත්වයක්.

අධික cortisol මට්ටමක් පවතින අවස්ථාවල ලක්ෂණ

- මානසික කැලබිම - ආතතිය,කාංසාව,තරහ යෑම
- කිසිදු කාර්යක් නොකලත් අධික ලෙස මහන්සි දැනීම
- හිසරදය
- වේගවත් හද ගැස්ම
- කොතරම් උත්සහ කරත් බර අඩු නොවීම
- කෑම දිරවීමේ ගැටළු
- නිතර මුත්‍රා පිට කිරීම
- නින්ද නොයෑමේ ගැටළු
- මතකය අඩු වීම
- මුහුණේ මැලවුනු ගතිය

ඔබ භාවිතා නොකළ යුතු ආහාර

කැෆෙන් අදොගු ආහාර, මත් ද්‍රව්‍ය, අධික සීනි, රසකාරක සහ පොටෑසියම් අඩංගු ආහාර

භාවිතා කල යුතු ආහාර

- phenylalanine අනූන ආහාර - කුකුල්මස්, බිත්තර, රතු සහල්, වට්ටක්කා
- tryptophan අනූන ආහාර - රතු සහල්, සෝයා, මස් , බිත්තර, කිරි
- විටමින් B5 අනූන ආහාර - රට ඉදි, ආමන්ඩ්, කිරි, සැමන්, තිරිගු
- වෙනත් - බෝංචි ඇට, සූරියකාන්ත ඇට,වෙනත් ධාන්‍ය වර්ග

විවේක වෙලාවේදී ආහාර ගන්න

දිනකට ප්‍රමාණවත් පරිදි ආහාර වේල් 5ක් පමණ ගැනීම එතරම් ගැටළුවක් නොවේ

ව්‍යායාමවල නිරත වීම

සතියකට තුන් වරක් පමණක් විනාඩි 50 ක් පමණ ව්‍යායාම වල නිරත වෙන්න. වැඩි වශයෙන් ව්‍යායාම කිරීමත් cortisol මට්ටම ඉහල යාමට හේතු වනවා. මේ නිසා සතියට දවස් දෙකක් වත් විවේක ගැනීමට මතක තබාගන්න.

හොදින් නිදා ගන්න

පැය 8-10 අතර කාලයක් නිදාගැනීම ඉතා වැදගත්. මෙමගින් cortisol මට්ටම අඩු කරමින් ශරීරය යථා තත්වයට පත් කරනවා

සැහැල්ලුවෙන් කාලය ගත කරන්න

ඔබේ මානසික සහ කායික යහපැවැත්ම වෙනුවෙන් අවශ්‍ය ලිහිලන ක්‍රම පුරුදු පුහුණු වන්න

ඇබ්බැහි වීම් වලින් මිදෙන්න

ශක්ති ජනක පානයන්, මත්ද්‍රව්‍ය, කැෆෙන් භාවිතය නතර කරන්න.

වැඩි වශයෙන් ජලය පානය කරන්න

උදෑසන අවදි වූ පසු හිස් බඩ වතුර වීදුරුවක් පානය කරන්න එසේම නින්දට යාමට පෙරත් වතුර වීදුරුවක් පානය කරන්න. මිට අමතරව දවස පුරාම ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 83 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:32:14 AM
Script:/article/83/why-youre-not-losing-weight.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:32:14 AM
Script:/article/83/why-youre-not-losing-weight.html