චෙෆ්ස් ස්ටයිල් මට්න් රෝල් හැදීමට අවශ්‍ය දේ :
පාන් පිටි ග්‍රෑම් 200
ලුණු ස්වල්පයක්
බිත්තර 2
වතුර අවශ්‍ය පමණට
පිරවුම සඳහා අවශ්‍ය දේ :
අඹරාගත් එළුමස් ග්‍රෑම් 120
ලූනු අවශ්‍ය පමණට
අඹරාගත් සුදු ලූනු අවශ්‍ය පමණට
අඹරාගත් ඉඟුරු අවශ්‍ය පමණට
අඹරාගත් එනසාල් අවශ්‍ය පමණට
එළවලු තෙල් තෙම්පරාදුවට අවශ්‍ය පමණට
රම්පෙ, කරපිංචා අවශ්‍ය පමණට
සෝයා සෝස් අවශ්‍ය පමණට
කරි පවුඩර් අවශ්‍ය පමණට
ලුණු සහ ගම්මිරිස් රස පදමට
බැටරය හදමු :
බඳුනකට පාන් පිටි, බිත්තර සහ ලුණු එකතු කර හොඳින් මිශ්‍රකරගන්න. එම මිශ්‍රණයෙන් ටික ටික දමමින් නන්ස්ටික් පෑන් එකක් ආධාරයෙන් පෑන් කේක් ආකාරයට සාදාගන්න.
පිරවුම හදමු :
1. බඳුනක් ලිප තබා එයට එළවළු තෙල් දමා කුඩාවට කපාගත් සුදු ලූනු, ඉඟුරු, ලූනු, රම්පෙ හා කරපිංචා දමා තෙම්පරාදු කර පසුව එළුමස් එකතු කර කලවම් කරන්න.
2. පසුව එයට සෝයා සෝස්, කරි පවුඩර් හා එනසාල් එකතු කර රස පදමට ලූණු හා ගම්මිරිස් එකතු කර ලිපෙන් බා ගන්න.
3. සාදාගත් පෑන් කේක් මැදට පිරවුම යොදා එළියට නොඑන පරිදි සකසා රෝල් කර බිත්තර සාරු හා බිස්ක් කුඩු තවරා ගැඹුරු තෙලේ බැදගන්න.