කූනිස්සන් තෙම්පරාදුව - Recipe

November 4, 2018
6,712
Dried Konisso Temper Recipe
නිවාඩු දවසට, වැඩට යන දවසට උදේට කාල යන්න පරිප්පුවකුයි, පලා සම්බෝලෙකුයි එක්ක කූනිස්සො ටිකක තෙල් දාල ගත්තොත් කොහොමද. කටට කෙල උනනවා නේද? ඉතින් කූනිස්සො තෙමපරාදුව ලේසියෙන් හදන හැටි බලමු

අවශ්‍ය ද්‍රව්‍ය :

වියළි කූනිස්සන් - 250g 
තක්කාලි  ලොකු ගෙඩි 1
අමුමිරිස් කරල් 2
ලොකු ලූණු ගෙඩි 1ක් හෝ 2ක් (අවශ්‍ය පමණට)
කෑලි මිරිස් තේ හැඳි - 3
ගම්මිරිස් කුඩු තේ හැඳි - 1
කහකුඩු තේ හැඳි - 1/4
රම්පේ ස්වල්පයක්
කුරුඳු කුඩු තේ හැඳි - 1/4ක් හෝ පොතු කෑල්ලක්
කරපිංචා ස්වල්පයක්  
තෙම්පරාදුවට තෙල්
ලුණු පදමට 

සාදන ආකාරය :

01.කූනිස්සන් හොඳින් වැලි අයින්ව යන ලෙස සෝදා පසුව වතුර බේරා හරින්න.

02.තරමක් ලොකු භාජනයකට තෙල් දමා ලිපේ තබා රත් වූ පසු රම්පේ, කරපිංචා, ලූනු, කුරුඳු, සිහින්ව කපා ගත් තක්කාලි, අමුමිරිස්, රතුළූණු දමා විනාඩි 2ක් පමණ තෙම්පරාදු කරන්න.

03.එයට  කූනිස්සන් ද දමා හොඳින් මිශ්‍රකර ගම්මිරිස්, කෑලි මිරිස් සහ කහ කුඩුද දමා කලවම් කර ගන්න.

04. කූනිස්සන් රන් වන් පැහැ වූ පසු ලිපෙන් බා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1153 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:42:05 PM
Script:/article/1153/dried-konisso-temper-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:42:06 PM
Script:/article/1153/dried-konisso-temper-recipe.html