බඩඉරිඟු ව්‍යංජනය

October 11, 2019
4,112
Corn Curry
අපි හැමදාම බඩඉරිගු හදන්නේ තම්බාගෙන කෑමට වුනත් ඔන්න බඩඉරිඟු ව්‍යංජනයක් හදන හැටි දැනගන්න කැමතිද…? කවුද අකමැති නේද…? එකාකාර රටාවෙන් මිදිලා වෙනස් දෙයක් අත්හදා බලන්න අපි කවුරුත් අකමැති නැහැ. එහෙමනම්

මෙන්න අවශ්‍ය දේවල්..

සාමාන්‍ය තරමේ ඉඩඉරිඟු කරල් තුනක් පමණ
පොල්තෙල් මේස හැඳි තුනක්
මිටිකිරි කෝප්ප එකක්
රම්පෙ කරපිංචා
රතුළූණු ගෙඩි පහක් පමණ
සුදුළූණු ගෙඩියක්
උලුහාල් ස්වල්පයක්
ලුණු
මිරිස්
තුනපහ
කහ

සාදාගන්නේ මේ විදිහටයි…

1. මුලින්ම සාමාන්‍ය විදිහට බඩඉරිඟු තම්බාගෙන කැබලිවලට කපන්න. එක් කරලක් තුනකට වගේ කැබැලි කරගන්න.

2. දැන් මේ කැබලි කරගත් බඩඉරිඟු වලට මිරිස්, තුනපහ, කහ, ලුනු, උලුහාල්, සුදුළූණු, රතුළූණු ආදි සියලුම කළමනා එක් කරන්න.

3. දැන් පොල්තෙල් ටිකක් ලිප තියලා එය පැසෙන විට මේ කපා ගත් ඉරිඟු කරල් තුනහප තෙමපරාදු කරන්න. වතුර මදි වගේ හිතෙනවා නම් බඩ ඉරිඟු තම්බාගත් වතුරවලින් ටිකක් එක් කරන්න.

4. මෙය හිඳී බොරට වගේ එන විට මිටිකිරි ටික එකතු කරලා එය පැසෙන විට බිමට ගන්න.

එන්.ඒ.පි.සි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1417 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:39:37 PM
Script:/article/1417/corn-curry.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:39:37 PM
Script:/article/1417/corn-curry.html