ඇමරිකන් ස්ටයිල් පෑන්කේක්

May 29, 2020
4,536
American style pan cake
එක එක රටවලට විවිධ රසයන් ඇති පෑන් කේක් හදනවා. උදැසන ආහාරයක් විදිහට ලේසියෙන්ම පෑන් කේක් සදා ගන්න පුළුවන්. ඉතින් අද හැඩකාරී අපි ඔයාට ඇමරිකන් ස්ටයිල් පෑන්කේක් හදාගන්න විදිහ ගැනයි කියන්න හිතුවේ. 

අවශ්‍ය ද්‍රව්‍ය :

පාන් පිටි කෝප්ප 2
කිරි කෝප්ප 1 
බිත්තර 2
බේකිං පවුඩර් තේ හැඳි 2 ක්
ලුණු තේ හැඳි 1/2
සීනි කෝප්ප 1/2
වැනිලා එසන්ස් තේ හැඳි 1 
උණු කළ බටර් කෝප්ප 1/2

සාදන ක්‍රමය :

01. පළමුවෙන් පොඩි භාජනයකට බිත්තර දෙක දමා විනාඩි දෙකක් පමණ හොඳින් ගසා ගන්න.

02. පසුව සීනි එකතු කර තවත් විනාඩි 2ක් හෝ 3ක් ගසා ගන්න. 

03. එයට වැනිලා සහ බටර් දමා මිශ්‍ර කර කිරි ටික එකතු කරලා බිට් කර ගන්න.

04. දැන් මෙයට පාන් පිටි, බේකිං පවුඩර් සහ ලුණු ටිකෙන් ටික දමා තික් වන තෙක් කවලම් කරන්න.

05. සාමාන්‍ය ගින්දරේ පෑන් එකට බටර් ටිකක් ගා ගෙන සදා ගත් මිශ්‍රණයෙන් හැන්දක් රවුමට වක් කරලා පිස ගන්න. මී පැණි උඩින් වත් කර පිළිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1624 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:49:48 PM
Script:/article/1624/american-style-pan-cake.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:49:49 PM
Script:/article/1624/american-style-pan-cake.html