කොකනට් ක්‍රන්ච් චිකන්

July 27, 2020
1,534
Coconut Crunchy Chicken
කරස් ගාලා හැපෙන ඇතුල මෘදු චිකන් එකක් තමයි අද අපි ඔයාලට ගේන්නේ.. ලංකාවේ අපි කාගේත් ගෙදර තියෙන පොල් එකතු කරගෙන මේ රසවත් ස්නැක් එක හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය :

චිකන් බ්‍රෙස්ට් 2 (ස්කින්ලස් / බෝන්ලස්)
තුනපහ කුඩු තේ හැඳි 1/2
පාන් පිටි කෝප්ප 1/2
ගසාගත් බිත්තර 2
ගා ගත් පොල් කෝප්ප 2
ගම්මිරිස් සහ ලුණු
ගැඹුරු තෙලේ බැදීමට තෙල් (එළවලු හෝ පොල් තෙල්)

සාදන ආකාරය :

01. චිකන් බ්‍රෙස්ට් එක පලු දෙකක් වන සේ මැදින් කපා ගන්න.

02. දැන් එක පලුවකින් තීරු 4ක් වන සේ බ්‍රෙස්ට් දෙකම තීරු වලට කපාගන්න.

03. චිකන් තීරු ටික භාජනයකට දමා එයට තුනපහ, ලුණු සහ ගම්මිරිස් එකතු කර කලවම් කර විනාඩි 10-15ක් පදම් වෙන්න පසෙකින් තබන්න.

04. දැන් සාමාන්‍ය තරමේ භාජන තුනක් ගෙන එකකට පාන් පිටි, රස පදමට ලුණු සහ ගම්මිරිස් එකතුකර කලවම් කර පසෙකින් තබන්න.

05. අනෙක් භාජනයක ගසා ගත් බිත්තර ද, ඉතිරි භාජනයට පොල් ද දමා පසෙකින් තබන්න.

06. දැන් තෙල් ටික රත් වෙන්න තබන්න.

07. පදම් වූ චිකන් ටික ගෙන පළමුව පිටි මිශ්‍රණයේ හොඳින් කෝට් කරගෙන ඉන් පසුව බිත්තර එකේද අන්තිමට පොල් එකේද හොඳින් තවරාගෙන රත් වූ තෙල් වල බැද ගන්න.

08. ගින්දර සාමාන්‍ය තරමේ තබා ගනිමින් රන් වන් පැහැ වන තෙක් බැදගෙන උණුසුම්ව පිළිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to reduce under arm sweating
   6,322
   27

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Milk Toffee Recipe
   132,871
   22

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
How to get vitamin E for healthy skin and hair
   31,606
   20

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
chore lists for kids
   32,956
   20

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන

Latest Articles

Most Viwed