රෑට ඇඳුම් නැතුවම නිදා ගන්න එක නියමයිලු

April 10, 2017
26,216
4 Reasons Sleeping Naked Makes You Healthier And Wealthier
අපි මිනිස්සු විදිහට ජිවිතේ හැම වෙලාවකදීම අපිට ඇඳුම් ඇඳගෙනමනේ ඉන්න වෙන්නේ. ඔන්න බාත්රුම් එකේ වොෂ් එකක් දාන වෙලාවට විතරයි අපි ගොඩක් වෙලාවට ඇඳුම් ගලවලා ඉන්නේ. රෑට නිදා ගන්න යනකොටත් අපි මොකක්ම හරි අඳිනවනේ. හැබැයි එහෙම මුකුත්ම අඳින්නේ නැතුව නිදා ගන්න එක ඇඟට ගොඩාක් ගුනලු. හිතද්දී පොඩි අවුලක් වගේ හිතෙනවද? හැබැයි එහෙම ඇඳුම් නැතුව නිදා ගන්න එක සෞඛ්‍යට හොඳ ප්‍රතිලාබ ලැබෙනවලු.

අපි බලමු ඒ මොනවද කියලා....

1. සැප නින්දක් ලැබෙනවා

අපි රෑ ඇඳුමක් ඇඳලා, ඇඳට ගිහින්, බෙඩ් ෂිට් එකකුත් පොරව ගන්නවනේ. අපි සැප නින්දකට පත් වෙන්න ශරීර රස්නය අඩු වෙන්න ඕනේ. එතකොට තමයි බාධාවක් නැතුව එක දිගටම හොඳ නින්දක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඇඳුම් ඇඳලා නිදා ගත්තහම වෙන්නේ, ශරීරයේ රස්නය පිට වෙන්න තියෙන මාර්ගය ඇහිරෙන එක. ඒකෙන් ගොඩාක් වෙලාවට අපිව අතරමග ඇහැරෙනවා. මේ දවස් වල තියෙන රස්නෙත් එක්ක ඔබ හොඳටම ඒ බව නම් අත් දැකලා ඇති.

2. විෂබීජ වර්ධනය අඩු වෙනවා

අපි දවස තිස්සෙම ඇඳුම් ඇඳගෙන ඉන්නකොට සමට හොඳ වාතාශ්‍රයක් ලැබෙන්නේ නෑ. හොඳ වාතනය නොවෙද්දී හම මතුපිට විවිධ විෂබීජ වර්ග වර්ධනය වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කාන්තාවන් රෑට යට ඇඳුම් භාවිතය නිසා ඊස්ට්, බැක්ටීරියා වර්ධනය වෙලා සම මතුපිට ආසාදන වැඩි කරන්න හේතු වෙනවා. ඒ නිසා ඇඳුම් ගලවලා නිදා ගන්න එක ඇඟට ගුණයි.

3. මානසික ආතතිය අඩු කරනවා

ඔබ ඔබේ සැමියා, බිරිඳ එක්ක ඇඳුම් නැතුව නිදා ගන්න එක මානසික ආතතිය අඩු කරලා සතුට වැඩි කරන්න හේතු වෙනවලු. තමන් ආදරය කරන කෙනාගේ හම ස්පර්ශව වෙනවා දැනෙන එක දෙදෙනාගේම ශරීර උෂ්ණත්වය එකිනෙකාට දැනෙන එක හරිම හොඳලු. රුධිර පීඩනය අඩු කරන්නත් දෙන්න එක්ක ඇඳුම් නැතුව නිදා ගන්න එක හේතු වෙනවා කියලයි කියන්නේ.

4. ශරීර බර අඩු කරගන්න පුළුවන් වෙනවා

මේ කාරනාවට නම් ඔබ ඉතාමත්ම කැමති ඇති. මොකද මේ දවස් වල ඇඟේ බර අඩු කර ගන්න එක කාටත් ප්‍රශ්නයක් නේ. හරි හැටි නින්දක් ලැබුනේ නැති වුනහම, ආතතිය වැඩි වෙලා මුළු දවස පුරාම අපි ඉන්නේ ලොකු අපහසුතාවයකින්. ඒ අපහසුතාවයන් නිසාම අපි අනවශ්‍ය කෑම කන්නත් යනවා. හොඳ නින්දක් ලැබුනහම, ශරීර වර්ධන හෝමෝනය හොඳින් ශ්‍රාවය වෙනවා. ආතතිය ඇති වෙන හෝමෝනය අඩු වෙනවා. මේ ස්භාවික හෝමෝන සංතුලනය නැති වෙනවා හරියට නින්ද නැති වුනහම. ඇඳුම් නැතුව හොඳ වාතාශ්‍රයක් එක්ක සැප නින්දක් ලබා ගන්න කියන්නේ ඒකයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 200 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:19:35 PM
Script:/article/200/4-reasons-sleeping-naked-makes-you-healthier-and-wealthier.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:19:35 PM
Script:/article/200/4-reasons-sleeping-naked-makes-you-healthier-and-wealthier.html