මේ වගේ කාන්තාවන්ට පිරිමින්ගෙන් ලැබෙන්නේ ඉහළ ආකර්ෂණයක්

June 10, 2017
37,274
Qualities Of Highly Attractive Women
ඔබ ජීවිතේ කවදාහරි දවසක හිතලා තියෙනවද මොන වගේ කාන්තාවන්ටද පිරිමින්ගෙන් වැඩි ආකර්ෂණයක් හිමිවෙන්නේ කියලා. අපි හිතුවට පිරිමින් වැඩිපුරම ආකර්ෂණය වෙන්නේ කාන්තාවන්ගේ පෙනුමට කියලා ඇත්තටම ඒක එහෙම නෙවෙයි. මොකද පිරිමි අය කාන්තාවකගේ පෙනුමට වඩා වැඩි අවධානයක් යොමු කරන්නේ ඇයගේ ගතිගුණ වලට. මේ නිසා අද අපි ඔබට කියන්න හිතුවා කාන්තාවන්ට පිරිමින්ගෙන් වැඩි ආකර්ශනයක් හිමිවෙන කාන්තා ගතිගුණ ගැන.

1. කාරුණික භාවය

කාන්තාවන් තද ගතිගුණ තියෙන අය විදිහට හැසිරෙන විට ඔවුන්ගේ නියම ලස්සන පෙනෙන්නේ නැහැ. මොකද කාන්තාවක් කියන්නේ බොහොම මෘදු ගතිගුණ තිබිය යුතු කෙනෙක්. ඇයට තිබෙන්නේ කාරුණික හදවතක් නම් ඇයගේ ලස්සන තව තවත් ඔප නැංවී පෙනෙන්න ගන්නවා. මේ නිසාම පිරිමින්ගේ වැඩි ආකර්ශනයක් ඔවුන්ට හිමි වෙනවා. ඔබටත් කාරුණික කාන්තාවක් වෙන්න පුළුවන් නම් අනිවාර්යෙන්ම හැකියාවක් තිබෙනවා පිරිමින්ගේ වැඩි ආකර්ශනයක් දිනාගන්න.

2. ආත්ම විශ්වාසය

කාන්තාවක් සමාජය විසින් දුර්වල කෙනෙක් බවට පත් කරන්න උත්සහ කරත් ඔබ හොද ආත්ම ශක්තියක් තියෙන කෙනෙක් නම් ඔබට පිරිමින්ගෙන් ලැබෙන්නේ වැඩි ආකර්ශනයක්. මොකද හැම ප්‍රශ්නෙකටම අඩන කාන්තාවකට වඩා ඒ ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් කාන්තාවකට පිරිමි වැඩි කැමැත්තක් දක්වනවා.

3. සැහැල්ලු බව

සමහර කාන්තාවන් සිටිනවා හැම දෙයක් ගැනම හිතන්නේ බොහොම බරපතළව. මේ අයට කිසිම වැඩක් පහසුවෙන් කරගන්න බැහැ. ඔවුන් ජිවිතේ බොහෝ තැන් වලදී අසාර්ථකයි. මේ නිසා සැහැල්ලුවෙන් කාලය ගත කරන කාන්තාවන්ට පිරිමි ආකර්ෂණය වැඩියි.

4. වගකීම් සහගත බව

කාන්තාවක් කියන්නේ සමාජයේ වැඩි වගකීම් ප්‍රමාණයක් හිමිවෙන කෙනෙක්. මේ නිසා පිරිමියෙක් සොයා බලන මුලිකම දෙයක් තමයි කාන්තාවකට මේ සියලු වගකීම් දරන්න පුලුවන්ද කියන කාරණාව. ඇත්තටම හැම කාන්තාවක් සතුවම තියෙනවා මේ වගකීම් හොදින් ඉටු කිරීමේ හැකියාව. නමුත් සමහර කාන්තාවන් උවමනාවෙන්මයි මේ වගකීම් පැහැර හරින්නේ. මේ නිසා ඔබට පුළුවන් නම් වගකීම් සහගත කාන්තාවක් වෙන්න අනිවාර්යෙන්ම ඔබට හිමිවෙන පිරිමි ආකර්ෂණය වැඩියි.

5. සරල බව

සමහර කාන්තාවන් ඉන්නවා මේ අය හරියට ඇවිදින විසිතුරු බඩු කඩ වගේ. මේ අය අදින්න පළදින්න ගියත් මොන වැඩක් කරන්න ගියත් හැම දෙයක්ම කරන්නේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන්. නමුත් පිරිමින් නම් වැඩි කැමැත්තක් දක්වන්නේ සරල කාන්තාවන්ට. මේ නිසා ජීවිතේ හැම දෙයක්ම සරලව දකින සරලව කරන කාන්තාවන්ට පිරිමින්ගෙන් හිමිවෙන්නේ වැඩි ආකර්ශනයක්.

6. බුද්ධිමත් බව

කාන්තාවක් බුද්ධිමත් කෙනෙක් නොවුනොත් ජීවිතේ ඇතිවෙන ප්‍රශ්න ප්‍රමාණය ඉතා වැඩියි. හිතන්න කාන්තාවකට තේරෙන්නේ නැතිනම් පවුල් ජීවිතේ වගකීම් ගැන, ඇය සකසුරුවම ගැන දැනුවත් නැතිනම්, දරුවන්ට හොද නරක කියාදීමට තරම් දැනුමක් නැතිනම් මේ හැම දෙයකින්ම විනාශ වෙන්නේ ඇයත් සමග ජීවිතය ආරම්භ කරන පිරිමියාගේ ජීවිතය. මේ නිසා පිරිමි වැඩි ආකර්ශනයක් දක්වන්නේ බුද්ධිමත් කාන්තාවන්ට.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 307 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:20:18 PM
Script:/article/307/qualities-of-highly-attractive-women.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:20:18 PM
Script:/article/307/qualities-of-highly-attractive-women.html