පියයුරු පිළිකා වැළඳීමේ වැඩිම අවදානමක් තියෙන්නේ මේ අයටයි

October 24, 2017
8,790
These are the possibilities to have breast cancer
පියයුරු පිළිකා කියන්නේ වර්තමානයේ බොහෝ කාන්තාවන්ට වැළඳෙන පිළිකා අතර ප්‍රධාන වන්නක්. ඒ වගේම දවසින් දවස ඉහල යන තත්ත්වයට පත් වූවක්. පියයුරු පිළිකාව මුල් කාලීනව හඳුනා ගැනීමෙන් පියයුරු සම්පුර්ණයෙන් ඉවත් නොකර ඒ තත්ත්වයෙන් මිදෙන්න පුළුවන්. නමුත් ගොඩක් දෙනෙක් ප්‍රතිකාර සඳහා යොමු වෙන්නේ තත්ත්වය උත්සන්න වුනාට පස්සේ.

නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න වෙනකන් ඉන්න ඕන නැහැනේ. ඒ නිසා ඒ වගේ අවදානමකට වැටෙන්නේ නැතුව දැන්ම ඉඳලම පියයුරු පිළිකා අවදානමෙන් මිදෙන්න මේ දේවල් ඔයාට වැදගත් වෙයි.

පියයුරු පිළිකා වැළඳීමේ වැඩිම අවදානමක් තියෙන්න කාටද?

1. මීට පෙර පවුලේ අයට පියයුරු පිළිකා වැළඳී ඇත්නම්.

2. මිට පෙර පවුලේ ඩිම්බකෝෂ පිළිකා වැළඳුනු කාන්තාවන් වේ නම්.

3. අවුරුදු 11ට පෙර වැඩි වියට පත් වූ කාන්තාවන්.

4. අවුරුදු 55ට පසුවත් ආර්ථවය නතර නොවූ කාන්තාවන්.

5. සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩිවාර ගණනක් ආර්ථවය සිදු වුනු කාන්තාවන්.

6. මවු කිරි නොදුන් කාන්තාවන්.

7. දරුවන් නොමැති කාන්තාවන්.

8. පළමු දරු උපත අවුරුදු 35න් පසුව සිදු වූ කාන්තාවන්.

මෙන්න මේ අයට පියයුරු පිළිකා වැළඳීමේ වැඩි අවදානමක් තියෙනවා. ඒ නිසා ඔයත් ඔයාගේ පියයුරු පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි.

පියයුරු වල දැකිය හැකි මේ ලක්ෂණ ගැන වැඩි අවදානයක් දෙන්න.

1. මෑතකදී පියයුරු වල ඇති වූ වෙනස්කම්.

2. පියයුරු වල වල ගැසීමක්.

3. පියයුරු වල ඉදිමීමක් හෝ ගැටිත්තක්.

4. පියයුරු මත ඇති වන තුවාලයක් හෝ දදයක් වැනි තත්ත්වයක්.

5. තන පුඬුවෙන් කිරි නොවන වෙනත් ශ්‍රාවයක් පිට වීම.

මේ කියන ලක්ෂණ ඇති වීම පියයුරු පිළිකාවේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. මේ තත්ත්වයන් හරියටම හඳුනා ගන්න නම් ඔයා අනිවාර්යෙන් පියයුරු පරීක්ෂාවක් කල යුතුයි.

අවුරුදු 20 ට වැඩි සෑම කාන්තාවක්ම ස්වයං පියයුරු පරීක්ෂාවක් කිරීම ඉතාමත් වැදගත්. සෑම මසකම මාස් ශුද්ධිය සිදු වී සතියකට පසුව මේ පිළිබඳව පරික්ෂා කිරීම සිදු කරන්න. එහිදී පෙර කි ලක්ෂණ හඳුනා ගත් වහාම වෛද්‍යවරයෙක් මුණ ගැසීම මඟින් මේ ගැන නිවැරදිව දැන ගන්නත් අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගන්නත් පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 464 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 12:18:03 PM
Script:/article/464/these-are-the-possibilities-to-have-breast-cancer.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 12:18:03 PM
Script:/article/464/these-are-the-possibilities-to-have-breast-cancer.html