කහ කියන්නේ නිරන්තරයෙන් අපේ ආහාර වලට එකතු කර ගන්න වගේම ඉතාම පහසුවෙන් සපයා ගන්න පුළුවන් අමු ද්‍රව්‍යක්. ඒ වගේම ඉතින් ගොඩක් ගෙවල් වල ගෙවත්තේ නැති වෙන්නේ නැති ඖෂධයක් කියන්නත් පුළුවන්. කහ වලින් අපිට ලැබෙන සෞඛ්‍ය හා රුව රැක දෙන ප්‍රතිලාභ ගැන ඔයා දන්නවා වුනාට මේ දේවල් ගැන නම් මීට කලින් අහලා නැතුව ඇති. හැබැයි ඉතින් මේ හැම දේකටම යෝග්‍ය වෙන්නේ අත් කහ. වෙළඳ පොලෙන් මිලදී ගෙනෙන කහ වලින් නම් මේ කියන ගුණ ලබන්න පුළුවන්ද කියන එක නම් ගැන සැක සහිතයි. ඒ නිසා ගෙදරදීම සකස් කර ගත් කහ ඔයාගේ ආහාර රසවත් කර ගන්න එකතු කර ගන්න පුළුවන් නම් තමයි වඩාත් හොඳ.
1. පිළිකා වළක්වයි
කහ විශේෂයෙන් පුරස්ථි ග්‍රන්ථි පිළිකා වළක්වා ගැනීම සඳහා ප්‍රයෝජනවත් වෙනවා. පිළිකා සෛල වල ක්‍රියාකාරිත්වය අඩපණ කරමින් පිළිකාවල වර්ධනය නතර කරන්න කහ වලට පුළුවන්. පුරස්ථි ග්‍රන්ථි පිළිකා වලට අමතරව ලියුකේමියාව, පියයුරු පිළිකා ඇතුළු සියළුම පිළිකා තත්ත්වයන්ට ගුණ දෙනවා.
2. අස්ථි පද්දතිය ශක්තිමත් කරයි
කහ වලට අස්ථි පද්දතිය හා එහි ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අස්ථි වල ශක්තිමත් භාවයටත් හේතු වෙනවා. ඒ වගේම ඔස්ටියෝපොරෝසිස් වැනි රෝගී තත්ත්වයන්ට ගුණ දෙනවා. ආතරයිටීස් නිසා සන්ධි වල ඇති වන වේදනාව, ඉදිමුම අඩු කරනවා.
3. දියවැඩියා පාලනය උදවු කරනවා
ඉන්සියුලින් මට්ටම මනාව පාලනය කර ගැනීමට ආධාර කිරීම මගින් දියවැඩියාවට සාර්ථක විසඳුම් ලබා දෙනවා. රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම කහ වල ඇති වටිනාම කාරයන්ගෙන් එකක්.
4. කොලෙස්ටරෝල් මට්ටම අඩු කරනවා
රුධිරයේ ඇති අහිතකර කොලෙස්ටරෝල් අවශෝෂණය කර ගනිමින් කොලෙස්ටරෝල් අවදානම අවම කරනවා. කොලෙස්ටරෝල් වලට අපේ සෞඛ්‍යට බරපතල ලෙස බලපෑම් කිරීමේ හැකියාව හියෙනවා. ඒ නිසා අවදානම ඇති වෙන්න කලින් අවදානය දෙන එක ගොඩාක් වැදගත්.
5. පාචනයට සුවය දෙයි
පාචනය හා ඒ ආශ්‍රිත ගැටළු ඇති කරන්න හේතු වෙන බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාව කහ වලට තියෙනවා. ඒ වගේ තත්ත්වයකක් ඇති වුනාට පසුව නැවත ආමාශයේ ක්‍රියාකාරිත්වය නැවත යතා තත්ත්වයට ගැනීමේ හැකියාව පවතිනවා.
මේ ප්‍රධාන කාර්යන්වලට අමතරව කහ වලින් ලබා ගන්න පුළුවන් තවත් ප්‍රයෝජන රාශියක් තියෙනවා. ඇක්නි වලට, අනවශ්‍ය රෝම ඉවත් කිරිමර, සම පැහැපත් කරීමට, සමේ රැළි වැටීම අවම කරන්න, සමේ තෙල් සහිත බව අඩු කරන්නත්, හිස්හොරි අවම කරන්නත් හානි වුනු හිස කෙස් වලටත් කහ වලින් සාර්ථක පිළිතුරු ලබා ගන්න පුළුවන්.