කටට රහට කන්න කවුද අකමැති. ඒ වගේම ඉතින් එහෙම කෑම බීම පිළියෙළ කරන්නත් හැමෝටම බැහැ. ඒකට දක්ෂ ගෘහණියක් වෙන්නම ඕන. ඒ විදිහට ඔයාගේ මුලුතැන්ගෙයි හැදෙන ආහාර වල රසය, ගුණය දෙකම ආරක්ෂා වෙන විදිහට කෑම පිළියෙළ කරද්දී වැදගත් වෙන පොඩි tips ටිකක් කලින් ලිපියකිනුත් ඔයාට අරගෙන ආවා. මේ තියෙන්නෙත් ඒ වගේම පොඩි පොඩි රස රහස් ටිකක්. සිරුරට අහිතකර රසකාරක නැතිව රසයත් ගුණයත් දෙකම රැක ගෙන කෑම හදන්න මේ දේවල් ප්‍රයෝජනයට ගන්න.
1. කරවල යොදා ආහාර පිළියෙළ කරද්දී කරවල කැබැලිවලට කපා පොල් වතුර දමා තබා විනාඩි කිහිපයක් තබා පිසීමට එක් කර ගන්න. ඒ මඟින් කරවල වල ඇති ලුණු රසය අඩු කර ගන්න ඔයාට පුළුවන්.
2. වෑංජන රසවත් කරන්න අබ එක් කරද්දී වෑංජනය ළිපෙන් බාන්න විනාඩියකට විතර කලින් එයට අබ එකතු කරන්න. වෑංජනය තිත්ත රස වෙන තියෙන ඉඩ එයින් වැළකෙනවා.
3. මාළු තම්බද්දී ඉක්මනට පොඩි වෙන්න බලනවනේ. ඒ නිසා මාළු තම්බන වතුරට විනාකිරි පොඩ්ඩක් එකතු කරලා බලන්න.
4. බිත්තර කල් තියා ගන්න බිත්තර කටුව වටේ පොල් තෙල් ටිකක් ආලේප කරලා තියන්න. ටික දවසක් බිත්තර නරක වෙන්නේ නැතුව තියා ගන්න පුළුවන්.
5. වම්බටු ගැඹුරු තෙලේ බැදලා උයද්දී එයට විනාකිරි බිංදු දෙක තුනක් එකතු කරන්න. වෙනදාටත් වඩා එය රසවත් කර ගන්න පුළුවන්.
6. බත පිස ගන්ද්දී සමහර වෙලාවට වතුර පොඩ්ඩක් වැඩි වුනාම බත බෙරි වෙනවා. ඒ වෙලාවට ඒ මතට විනාකිරි ඉසීමෙන් බෙරි ගතිය මඟ හරවා ගන්න පුළුවන්
7. ව්‍යංජන වලට ගම්මිරිස් එකතු කරද්දී ගම්මිරිස් කුඩු වලට වඩා ගම්මිරිස් කැබලි එකතු කර ගන්න. එයින් ආහාර වල රසය වැඩි කර ගන්න පුළුවන්.
8. කට්ලට් හදද්දී සමහර වෙලාවට බදිද්දී කට්ලට් එක කුඩු වෙන්න බලනවා. ඒ නිසා බදින්න කලින් විනාඩි 30ක් විතර කට්ලට් ටික අධි ශීතකරණයේ තබා ගන්න
9. මාළු ඇඹුල් තියල් හදද්දී ගොරකා සහ තුනපහ මිශ්‍රණය එක්ක පොල් තෙල් ස්වල්පයකුත් එකතු කරලා මාළු එක පිළියෙළ කර ගැනීමෙන් තවත් රසය වැඩි කර ගන්න පුළුවන්.
10. චට්නි සෑදීම සඳහා අඹ තෝරා ගනිද්දී තරමක් ඉදුණු අඹ තෝරා ගැනීමෙන් රසය වැඩි කර ගන්න පුළුවන්.
11. මස් වර්ග පිළියෙළ කරද්දී මස් එකට මි පැණි තේ හැන්දක් දෙකක් එකතු කර ගත්තොත් රසය හා සුවඳ දෙකම වැඩි කර ගන්න පුළුවන්.
12. මාළු බදිද්දී සුවද පැතිරෙන එක නවත්තන්න් මාළු බදින තෙල් එකට අල පෙත්තක් දාලා බදින්න.
13. මෑ කරල්, කරවිල බම්බටු ආදිය ව්‍යංජන විදිහට පිළියෙළ කරද්දී තක්කාලි ගෙඩියක් කපලා එයට එකතු කරලා බලන්න රසය කොහොමද කියලා.