කුකුල් මස් තෙලට - Recipe

May 15, 2018
5,957
Chicken Tempered Recipe
හැමදාම කන කුකුල් මස් කරියට වෙනසක් එක් කරන මේ කුකුල් මස් තෙම්පරාදු කරිය බත් එක්ක වගේම පාන්, ඉඳි ආප්ප කන්නත් අපූරුයි.

අවශ්‍ය ද්‍රව්‍ය :

තෙල් මේස හැඳි 2
කුරුඳු පොතු කැබැල්ලක්
කපාගත් ලොකු ළූණු ග්‍රෑම් 40ක්
කුඩාවට කපාගත් සුදු ළූණු තේ හැඳි 1/2ක්
කුඩාවට කපාගත්ඉඟුරු තේ හැඳි 1/2ක්
කහ කුඩු තේ හැඳි 1/2ක්
ලුණු රස පදමට
සම ඉවත්කර කුඩාවට කපාගත් කුකුල් මස් ග්‍රෑම් 500ක්
ලොකු කැබලි කරගත් ගම්මිරිස් මේස හැඳි 1 1/2 ක්
පලාගත් අමු මිරිස් කරල් 8 ක්
කපාගත් මාළු මිරිස් ග්‍රෑම් 40 ක්
කපාගත් ලීක්ස් ග්‍රෑම් 40 ක්
කුඩා කොටු කපාගත් තක්කාලි ග්‍රෑම් 40 ක්
විනාකිරි තේ හැඳි 3 ක්
කුඩාවට කපාගත් රතු ළූණු ග්‍රෑම් 30ක්

පිළියෙළ කර ගන්නා අකාරය :

1. භාජනයකට තෙල් දමා ලිප තබා රත් වූ පසු එයට ළූණු, කරපිංචා කුරුඳු පොතු එක්කර හොඳින් බැදගන්න.

2. එයටම ලොකු ළූණු, සුදු ළූණු, අමු ඉඟුරු, කහ, ලුණු සහ කුකුල් මස් දමා මධ්‍යම ප්‍රමාණයට තැම්බෙන්නට හරින්න.

3. දැන් එයටම රතු ළූණු, අමු මිරිස්, මාළු මිරිස් එක්කර විනාඩියක් පමණ තැම්බෙන්නට හැර ලීක්ස්, තක්කාලි සහ විනාකිරි ද දමාගන්න.

4. කුකුල් මස් හොඳින් තැම්බුණු පසු ගම්මිරිස් දමා කළවම් කරගන්න.

මේ ආකාරයටම ඌරු මස්, එළු මස්, හරක් මස් සහ මාළු ද පිළියෙල කර ගන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to reduce under arm sweating
   6,371
   42

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
10 symptoms shows you are pregnant
   45,177
   32

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Milk Toffee Recipe
   132,893
   29

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
How to get vitamin E for healthy skin and hair
   31,631
   29

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව

Latest Articles

Most Viwed